Wednesday, October 25, 2017
Home
Gossip Lanka News
තිරසර සංවර්ධන ඉලක්ක ගැන සිසුන් දැනුවත් කරන්න ක්‍රියාකාරී සැලැස්මක්
තිරසර සංවර්ධන ඉලක්ක ගැන සිසුන් දැනුවත් කරන්න ක්‍රියාකාරී සැලැස්මක්
-
Wednesday, October 25, 2017
තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය හැටන් නැෂනල් බැංකුව එක්ව ක්‍රියාකාරී සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යාංයේදී ඊයේ (24) ආරම්භ විය.
72 වැනි එක්සත් ජාතීන්ගේ දිනය සමරමින් මෙම 'තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩපිළිවෙළ' ක්‍රියාත්මක කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය ඇති කර ගනු ලැබිණි.
දරිද්‍රතාව තුරන් කිරීම, පාරිසරික ආරක්ෂාව සහ සමෘද්ධිමත්භාවය සහතික කිරීම සඳහා රටවල් එක්ව 2015දී සකස් කරන ලද නව තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ එක් අංශයක් ලෙස තිරසර සංවර්ධන අරමුණු (ගෝලීය අරමුණු) මාලාවක් සම්මත කර ගෙන තිබූ අතර, එම සෑම අරමුණක් යටතේ ම 2030 වසර වන විට සපුරා ගත යුතු විශේෂිත ඉලක්ක පවතී. ඒවා වෙත ළඟා වීමට නම් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ මහජනතාව යන සෑම අංශයක් ම තමන්ගේ වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය.
ඒ වෙනුවෙන් 'තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩපිළිවෙළ' ක්‍රියාත්මක කැරේ. මේ යටතේ ජනතාව තුළ තිරසර සංවර්ධන අරමුණු පදනම් කර ගත් ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා රට පුරා සිසුන් පුහුණු කිරීම හා දිරි ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.
ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ තිරසර සංවර්ධන අරමුණුවලින් බොහොමයක් ඉටු කර ගැනීමේ මාර්ගය වන්නේ අධ්‍යාපනය බවයි. එහෙයින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට කළ හැකි මැදිහත්වීම සම්බන්ධයෙන් මේ වැඩසහන මඟින් පාසල් දරුවන් දැනුම්වත් කරනු ඇති බවත්, ඒ සඳහා ඔවුන් බල ගන්වනු ඇති බවත් කීය.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ යූ.එන්.ඩී.පී. නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය පැවසුවේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීමේදී තරුණ පරපුරේ දායකත්වය ඉතා වැදගත් බවයි.
'අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර තිරසර සංවර්ධන නායකයන් විදිහට ක්‍රියාකාරීව සම්බන්ධ කර ගන්නයි. එසේ නැතිව අපට 2030 වන විට තිරසර අරමුණු ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ නෑ' යනුවෙන් මැකෝලි මහත්මිය ප්‍රකාශ කළා ය.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් පාසල් සිසුන්ට පුහුණුව ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
මේ වෙනුවෙන් රට පුරා පාසල් 25ක ව්‍යාපෘති 25ක් ක්‍රියාවට නැංවෙන බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා කීය.
මෙම වැඩපිළිවෙළට හවුල්කාරීත්වය ලබා දෙමින් අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳ අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩිල්ෂාන් රුද්‍රිගු මහතා-
හැටන් නැෂනල් බැංකුව වසර ගණනාවක් පුරා දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද ඉස්මතු කරලීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. රට පුරා ක්‍රියාකාරී පාසල් ඒකක 200කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. හැටන් නැෂනල් බැංකුවේ උපාය මාර්ග, බැංකු විනිවිදභාවය වර්ධනය කිරීම, ග්‍රාමීය හරිත ආර්ථිකය වර්ධනය කිරීම සඳහා කරන කටයුතු සමඟ මේ වැඩපිළවෙළ ගලපා ගත හැකියි. ව්‍යාපාතිය සමඟ සුවිශේෂී බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අප සතුටු වෙනවා.
සිතාරා සේනානි සහ දිල්රු ජයසේකර
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...