Tuesday, October 17, 2017
Home
Gossip Lanka News
කැප්ටන් තිස්ස තවදුරටත් රිමාන්ඩ්
කැප්ටන් තිස්ස තවදුරටත් රිමාන්ඩ්
-
Tuesday, October 17, 2017
මඟ නැගුමේ යන්ත්‍රොපකරණ සමාගමේ මුල්‍ය වංචාවක් සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු හා පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි එම්.ලාල් ප්‍රියන්ත පිරිස් මහතා තවදුරටත් මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මිය ඊයේ (16) නියම කළාය.
රක්ෂිත බන්ධනාගාරගත ව සිටින සැකකරුවන් මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර සැකකරුවන්ට එරෙහිව ඇප ඉල්ලුව ද පොදු දේපල පනතේ වරදවල් බැවින් අධිකරණය ඇප ඉල්ලිම් කිහිපවතාවක්ම ප්‍රතික්ෂේප කර ඇප අයදුම මහාධිකරණය වෙත යොමු කරන ලෙසට විත්තියට දන්වා ඇත.
2011 වර්ෂයේ මඟ නැගුම මාර්ග ඉදිකිරිම් යන්ත්‍රොපකරණ සමාගම විසින් අයථා අන්දමින් ඇමරිකානු ඩොලර් 679753වැය කර කොන්ක්‍රිට් ඇතිරිම,මිලියන 10ක් වැය කර ස්කැවෙටර් යන්ත්‍රයක් මිළ දි ගැනිම එම යන්ත්‍රයෙන් කඩුවෙල කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළු ගලක් කැණිම් කටයුතු සදහා දෙවන සැකකරු වෙත ලබා දිම යන චෝදනා මත මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් වෙත ගොනු කර තිබේ.
2011 අංක 92,900 කොන්ක්‍රිට් ජේටර් රථයක් ඇඩින් ඉන්ටනැෂනල් ආයතනය මඟ නැගුම ට මිළ දි ගැනිම රු 73,907,243.55 ගෙවා ඇති ඉහත ආයතනය මෙම රථයට 36,506,995.35 ඇස්තමේන්තු කර එම මුදල රුපියල් 37.370,248.00 වැඩිපුර ගෙවා මඟනැගුම බැංකු ගිණුමෙන් ලබා ගෙන මුදල් අක්‍රමිකතා සිදු කිරිම හා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ඩෙන්ජරස් කාගෝ ඇහිරිමක් සම්බන්ධයෙන් රුපියල් 1,096,000 මඟ නැගුම මාර්ග ඉදිකිරිම ශ්‍රි ලංකා වරායට නොගෙවිම යන සිද්ධි සම්බන්ධව ද මුල්‍ය අපරාධ කොට්ධාශය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු කැප්ටන් තිස්ස විමලසේන යන අයට එරෙහිව ගොනු කර ඇත.
