Sunday, October 29, 2017
Home
Gossip Lanka News
පොලිස් ඇමති කොටුව පොලිස් ස්ථානයේ බැරක්කයට යලිත් කඩා පනී
පොලිස් ඇමති කොටුව පොලිස් ස්ථානයේ බැරක්කයට යලිත් කඩා පනී
-
Sunday, October 29, 2017
මීට මාස දෙකකට පමණ පෙර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් රැඳී සිටින ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පොලිස් බැරක්කය වෙත නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පැමිණ ඔවුන්ගේ පහසුකම් පිළිබඳව විමසා බැලූ අවස්ථාවේදී එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙස නොලැබෙන බව දැනගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී එම බැරක්කයට අවශ්‍ය පහසුකම් ලබාදී දියුණු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු අදාළ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර එහි ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට අද (29) උදෑසන ඔවුන්ට නොදන්වා එම බැරක්කයේ සංචාරයක අමාත්‍ය සාගල රත්නායක නිරත විය. බැරක්කයට අවශ්‍ය සනීපාරක්ෂ පහසුකම්, ඇඳන්, මෙට්ටා, මදුරුදැල් ආදී පහසුකම් ආදිය මෙන්ම නිලධාරීන්ට ප්‍රියතාවක් ඇතිවන අයුරින් සකසා ඇති බව අමාත්‍යවරයාට නිරීක්ෂණය විය.
මෙම නිලධාරීන්ට ස්ථිර බැරක්කයක් ලබාදීමට කටයුතු කරන තුරු ඊට අවශ්‍ය සෙසු පහසුකම්ද කඩිනමින් ලබාදී දියුණු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. ඉන් අනතුරුව අසල පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ විශේෂ කාර්ය බලකායේ බැරක්කය නිරීක්ෂණය කල අමාත්‍යවරයා එහි නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසද පොලිස්පතිවරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය. නාවික හමුදා සෙබළුන් 20 ක පමණ පිරිසක් රැඳී සිටින අඩු පහසුකම් සහිත බැරක්කයක්ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර නාවික හමුදාවේ ඉහල නිලධාරියෙකු ඒ මොහොතේම දුරකතනයෙන් ඇමතූ අමාත්‍යවරයා ඊට අවශ්‍ය අවදානය යොමුකරන ලෙසද දැනුම්දෙනු ලැබුවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...