BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි.

ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙමින් මුලු මහත් ජාතිය වෙනුවෙන් එම ජාතික කර්තව්‍යය ඉටුකිරිම සඳහා ඉදිරියේදී පැවත්වෙන ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා හරහා ඉදිරිපත්විමට ඔබේ දායකත්වය ඉල්ලා ප්‍රසිද්ධ පුවත් පත් දැන්විමක් මගින් අද 11 වෙනිදා ජනතාව දැනුවත් කොට ඇත.

මෙම පුවත්පත් දැන්විම පලකොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ගමන ඇරැඹූම වර්ණවත් කරන සීඝ්‍රයෙන් පොදු ජනතාව ආදරයෙන් වැලදගනනිමින් සිටින මෙරටේ ලාබාලම දේශපාලන ජවය හා පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ (SLPP) විසිනි.
මේ අනුව ජනතා පරමාධිපත්‍යය සියල්ලටම ඉහළින් සලකුණු ලබන නව දේශපාලන පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ගමට නගරයට නායකත්වය දීම හරහා රටට හා ජාතිකත්වයට අගයක් එකතුකල හැකි සැම දෙනාටම මේ සඳහා ආරාධනා කොට ඇත.
« PREV
NEXT »