BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 09, 2017

ලිට්රෝ සභාපති ශලීල අත්අඩංගුවට

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

ශලීල මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ වත්මන් සභාපතිවරයා බවද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණය වෙත පෙරේදා (07 දා) ඉදිරිපත් කළ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු වන එම්. සී. නම්මුනි නමැත්තා ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කෙරුණි.

මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති නම්මුනි නමැත්තා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූ අයෙකි.

මොහු මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කළ බව විමර්ශනවලදී හෙළි වී ඇත.

නම්මුනි නමැත්තාට අයත් බව කියන රොස්‌මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයක්‌ වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී රහසිගත ලිපි ලේඛන තොගයක්‌ සහ මෙම වංචාවෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 40 ක මුදලක්‌ සොයාගෙන තිබේ.
« PREV
NEXT »