Wednesday, October 25, 2017
Home
Gossip Lanka News
පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවෙන් විමල්ගේ පක්ෂයේ ඇතුලේ අවුල එළියට පැන දෙකඩ වෙයි
පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවෙන් විමල්ගේ පක්ෂයේ ඇතුලේ අවුල එළියට පැන දෙකඩ වෙයි
-
Wednesday, October 25, 2017
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව ලබන 30 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ විගසම සභාවේ අවධානය යොමුකර සුදුසු පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24 දා) ප්‍රකාශ කළේය.
“මට පුදුමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ම මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන විමල් වීරවංශ මහතා පසුගියදා කර ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජන නියෝජිතයන්ගේත් ජීවිත ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක් එල්ල කර තිබෙනවා. මේ ගැන බොහෝ පිරිසක් බියට පත්වෙලා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට කතා කරලා මේ ගැන විමසනවා. ගරුතර ස්‌වාමීන්වහන්සේලා පවා මගෙන් විමසීම් කරනවා. මේ ප්‍රකාශය පිළිබඳ දැඩිව සැලකිලිමත් වෙන්ට කියලා ආණ්‌ඩුවේ වගේම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, තවත් විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම මගෙන් ඉල්ලීම් කරනවා.
මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්‌ථානය. එවන් උත්තරීතර ආයතනයක් පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර තිබෙන මේ තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින්වත් සුළුවෙන් තකන්න එපා කියා හැම පාර්ශ්වයක්‌ම ඉල්ලා සිටිනවා. ඒ නිසා යළි පාර්ලිමේන්තුව රැස් වූ වහාම මේ ගැන සභාවේ අවධානය යොමුකරනවා. ඉන්පසු මේ සම්බන්ධ සුදුසු පියවර ගැනීමට මම අපේක්‍ෂා කරනවා” යෑයි ද කථානායක කරු ජයසූරිය මහතා කීවේය.
විමල් ජාතියෙන් සමාව ගත යුතුයි.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න අපි එකග නෑ..!
– ජානිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක මධ්‍ය කැදවා කියයි.
යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම පක්‍ෂ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි.
අද ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ එම ප‍්‍රකාශය වීරවංශ මහතාගේ පුද්ගලික මතය මිල පක්‍ෂයේ මතයක් නොවන බවත් එම ප‍්‍රකාශය සම්බන්යෙන් ජාතියට කණගාටුව ප‍්‍රකාශ කරන බවත්ය.
අදාල ප‍්‍රකාශය නිසා අද රට තුල ඇති සාමකාමී තත්වයට ගැටළු ඇති කරවනු ඇතැයිද සදහන් කරන ඔහු ඉදිරි දිනකදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී වීරවංශ මහතා ජාතියෙන් සමාව ගත යුතුයයි යෝජනා කරන බවද සදහන් කරයි.
මෙම ප‍්‍රකාශය කිසිසේතම පක්‍ෂයේ ප‍්‍රකාශක් ලෙස නොසකන ලෙස තමන් ජාතික සංවිධායකයා ලෙස ඉල්ලා සිටින බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...