BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 21, 2017

ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ආර්ථිකය ශක්තිමත් කරනවා - අගමැති

පසුගිය අවුරුදු දෙක හමාරක කාලයක් තුළ ආදායම් මාර්ග ලක්ෂ 4ක් ඇති කරන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඊළඟ අවුරුදු දෙක, දෙකහමාර තුළ දී මේ වගේම තවත් විදේශ ආයෝජන ලබා ගන්නත්, දේශීය ආයෝජකයින් දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාව මෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඇතිව එළැඹෙන වසර දෙක හමාරක කාලය තුළ දේශීය ආයෝජකයින් දියුණු කිරීමත් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, ස්ටාර් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Passive House වර්ගයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහ එම කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවට එක් වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

මෙය දකුණු ආසියාවේ ප්‍රථම Passive House වර්ගයේ ගොඩනැඟිල්ල වන අතර ස්ටාර් ගාමන්ට්ස් ආයතනය අමෙරිකා එක්සත් ජනපදයේ komar ඇඟලුම් සමාගම සමඟ එක්ව මෙම නවීන මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලබයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

වසර 39 කට පෙර මා යෞවන ඇමැතිවරයාව සිටියදී මෙම ස්ටාර් ඇඟලුම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ආධුනිකයින් ලබා දුන්නේ අපේ අමාත්‍යංශය හරහායි. අද komar සමාගම මෙම ස්ටාර් සමාගමේ අයිතිය අරගෙන තිබෙනවා. එදා පිටරටින් රෙදි ගෙනැවිත්, මෝස්තර ගෙනැවිත් අපේ කාන්තාවන් ඇඟලුම් මැහුව තැන අද ගෝලීය ඇඟලුම් නිර්මාණ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා.

ආසියාවේ රටවල් ගණනාවකට අවශ්‍ය ඇඳුම් නිර්මාණයන් අපි සපයන්නේ ඔබ සැමගේ අදහස්වලිනුයි. ඒ සඳහා දායක වු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. මේ passive house සංකල්පය මේ රටේ පරිසරයත් ආරක්ෂා කිරීමට විශාල හේතුවක් වන බව මම හිතනවා. මේ මධ්‍යස්ථානයේ කාබන් දියසටහන සියයට 70 කින් අඩු වෙලා තිබෙනවා. මම හිතන්නේ එවැනි කර්මාන්ත ශාලා ලෝකයේ තිබෙන්නේ 8 යි. එදා අපි ආරම්භ කෙළේ රෙදිපිලි ඇඟලුම් මෙහි නිෂ්පාදනය කරන්නයි. අද මෙහි ඒවා නිර්මාණය කරනවා.

ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සංකල්පයට komar සමාගම ඇතුළු වෙලා තිබෙනවා. මේ සමාගම ලංකාවට ඇවිත් මේ ආයෝජනය ගැන තීරණය කෙළේ 2015 දෙසැම්බර් මාසයේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අපි ජාතික ආණ්ඩුවක් ඇති කරලා ඉදිරියට යන විශ්වාසය මත තමයි ඒ තීරණය අරගෙන ලංකාවට පැමිණියේ. අපේ ණය බර අඩු කරලා, අලුත් බදු සහන ලබා දීලා, අපේ ව්‍යාපාර දියුණු කරන්න සහය ලබා දෙන්න, මේ රටේ වෙළෙඳ ආර්ථිකයක් ඇති කරන්න, ඉතා තරඟකාරී වෙළෙඳ අංශයක් හා සමාජ සාධාරණත්වය ඇති කරන්න, මේ සියල්ල සඳහා තමයි komar සමාගම ආවේ. අද ස්ටාර් ඇඟලුම් කර්මාන්ත ශාලාව මේ ඇඟලුම් වැඩිපුර ඇණැවුම් කෙළේ අමෙරිකාවටයි. මේ ඇඟලුම් යුරෝපයට යවන්නත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි ආයෝජන අපේ රටට එන්නේ අපි ජී.එස්.පී. ප්ලස් සහනය දුන්න නිසයි. මේ ආයතනය පමණක් නොවෙයි අපි ඇති කළ සියලු ඇඟලුම් කර්මාන්ත ශාලා ජී.එස්.පී. ප්ලස් සහනයෙන් උපරිම ප්‍රයෝජන යනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

මේ පමණක් නොවේ අපි ගෝලීය වෙළෙඳ පොළක් ඇති කිරීම සඳහා ඉන්දියාව හා චීනය සමඟ සාකච්ඡා පවත්වමින් යනවා. මේ රටේ අනාගතය තිබෙන්නේ මේවා ඔස්සේ තමයි. කර්මාන්ත ශාලාවල, සේවා මධ්‍යස්ථානවල හොඳ වැටුප් ලබා දීම තුළයි අනාගතයක් තිබෙන්නේ. මෙතැනින් අපිට අනාගතයක් තිබෙනවා. අපිට මෙතැනින් ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. මේ අවස්ථාව සැමදෙනාටම ලබා දෙන්න, හොඳ ආයෝජන ගේන්න, විදේශ ආයෝජකයින් ගේන්න, දේශීය ආයෝජකයන් දිරිමත් කරන්න, මේ දේවල් වලට තමයි අපි කැප වෙලා ඉන්නේ.

පසුගිය අවුරුදු දෙක හමාරක කාලයක් තුළ ආදායම් මාර්ග ලක්ෂ 4 ක් ඇති කරන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඊළඟ අවුරුදු දෙක, දෙකහමාර තුළ දී මේ වගේම තවත් විදේශ ආයෝජන ලබා ගන්නත්, දේශීය ආයෝජකයින් දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාව මෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදනය පමණක් නොවෙයි. සේවා අංශය, නාවුක අංශය, මුල්‍ය අංශය මේ සියලු අංශ ඔස්සේ අපි අලුත් ගමනක් යා යුතුයි. ඒ ගමනේ එක් අවස්ථාවක් වශයෙන් අද විවෘත කරන මෙම ගෝලීය නිර්මාණ මධ්‍යස්ථානය ආරම්භ වෙනවා. ඔබේ අදහස්වලින් අපි ලෝකයට සපයන මේ නිර්මාණවල තමයි අපේ ශක්තිය තිබෙන්නේ.

අද මේ රටේ අධ්‍යපනය හැදෑරීමේ කාලය අවුරුදු 13 ක් දක්වා අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපනය හදාරා දක්ෂතාවය අනුව විශ්වවිද්‍යාලයට යන්න නැත්නම් වෘත්තීය අංශයට යන්න හැකියාව තිබෙනවා. මෙය ආරම්භයක් වෙනවා. අපි ඇති කරන පදනමේ හොඳ ප්‍රතිඵලයක් තිබෙනවා. ඒ අනුව අපි මේ මධ්‍යස්ථානයෙන් පමණක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ වගේ තවත් මධ්‍යස්ථාන සියයක්, දෙසීයක් හෝ පන්සියයක් එක් එක් අංශවල ඇති කිරීමෙන් තමයි ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත්ව අප සියලු දෙනාට හොඳ ආර්ථිකයක් ඇති වෙන්නේ. මේ නිසා komar සමාගමට අපි ස්තූති කළ යුතුයි. තවත් ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දෙන්න මේ සමාගමට හැකියාව තිබෙන බව අද පෙන්නුම් කළා යැයි ප්‍රකාශ නෙළේය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අටුල් කෙෂාප්, කෝමාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චාලි කෝමාර්, ස්ටාර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ.සුකුමාරන් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »