BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 21, 2017

මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ බවට මාධ්‍ය වාර්තා පළවූ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හමු වූ දිනයේම රාත‍්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග දීර්ඝ දුරකථන සංවාදයක යෙදී තිබේ. 

බත්තරමුල්ලේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ සිට මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසට ගොස් ඇති කරුණා අම්මාන් හිටපු ඇමැතිවරයා, තමන්ට ජනාධිපතිවරයාට කතා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මහින්ද අමරවීර ඇමැතිවරයා තම දුරකථනයෙන් ජනාධිපතිවරයාට ඇමතුමක් ගෙන, කරුණා අම්මාන්ට අදාළ අවස්ථාව සලසා දී ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා සහ කරුණා අම්මාන් විනාඩි දහයකට ආසන්න කාලයක් දුරකතනය ඔස්සේ කතා කර ඇති බවයි. කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පැහැදිලිව පවසා ඇත්තේ කිසිදු ආකාරයකින් තමන්ට අධිකරණ කටයුතුවලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශනවලට මැදිහත් විය නොහැකි බවයි. අගමැතිවරයා ද එසේ මැදිහත් නොවන බවත්, ඇමැතිවරුන්ට ද එසේ කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා කරුණා අම්මාන්ට අවධාරණය කර ඇතැයි අදාළ ආරංචි මාර්ග සදහන් කරයි. කරුණා අම්මාන් මෙහිදී දිගින් දිගටම පවසා ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ කළ ආරාධනයක් නිසා පොදුජන පෙරමුණේ කාර්යාලයට ගියද, තමන්ට ආණ්ඩුව සම`ග කිසිදු ගැටුමකට යාමට අවශ්‍ය නැති බවයි.

යුද්ධය අවසාන වීමට පෙර කොළඹ දී සිදු වූ පුද්ගල ඝාතන රැසකට අදාළ ව කරුණා අම්මාන්ට චෝදනා එල්ල වී ඇත් අතර, ඊට අදාළව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි ද අනාවරණය වේ. ඒ අනුව ඉදිරියේ දී කරුණා අම්මාන්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් පැවසීය.

(සත්හඬ)
« PREV
NEXT »