Sunday, October 08, 2017
Home
Gossip Lanka News
ජාතික රූපවාහිනීයේ වැඩසටහනක් වංචනිකව ඉස්සූ තට්ටයා කවුද?
ජාතික රූපවාහිනීයේ වැඩසටහනක් වංචනිකව ඉස්සූ තට්ටයා කවුද?
-
Sunday, October 08, 2017
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ පර්යේෂණ තනතුරට අමතරව තොරතුරු නිලධාරී වශයෙන්ද රාජකාරී කල TMG චන්ද්‍රසේකර නැමති අයෙක් ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ විෂය බාර අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව මඩ පුවත් සහ අසත්‍ය තොරතුරු සපයන බවට 'ජාතික රූපවාහිනී සංස්ථාවේ සැබෑ යහපාලන සේවක පිරිස' නම් සංවිධානයක් චෝදනා කරයි.
මෙම පුද්ගලයා පසුගිය ඔක්තෝම්බර් 02 වැනිදා ප්‍රධාන පාලක මැදිරියට ඇතුළුවී වංචනික සහ කිසිඳු නිත්‍යානුකූල අවසරයකින් තොරව වංචනික ලෙස මැදිහත්වී රූපවාහිනී "09.05" දරන වැඩසටහන රූපවාහිනී ලාංජනය රහිතව තමාගේ විද්‍යුත් පෑනකට (pen drive) හොර රහසේ පිටපත්කරගෙන ගොස් ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් චෝදනා කරයි.
ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය සහ අදාල පිටපත් කිරීම සම්බන්ධ පැමිණිල්ල පහතින් කියවීමට හැක.


