BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 29, 2017

ව්‍යවස්ථා විවාදයට ඒකාබද්ධයෙන් මහින්ද

ව්‍යවස්ථා සම්පාදන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අවස්ථාවේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් විවාදයට සහභාගිවීමට තීරණය කර ඇත.

ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලික පියවරක් ලෙස සකස් කර ඇති මෙම අතුරු වාර්තාවේ සඳහන් බොහෝ කරුණු පිළිගත නොහැකි ඒවා බවද මහා සංඝරත්නය සඳහන් කරන ආකාරයට මෙම අතුරු වාර්තාව හකුලාගෙන අලුත් ව්‍යවස්ථා සම්පාදනය නොකොට පවතින ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන පමණක් කිරීමට රජය අවධානය යොමු කළ යුතු බව ‍පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා කීවේය.

මෙම පාර්ලිමේන්තු විවාදයේදී සිය මන්ත්‍රී කණ්ඩායමේ මතට ඉදිරිපත් කරන බව සඳහන් කළ පීරිස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතා සමග මැතිවරණයට ඉදිරිපත් වූ කිසිම අයෙකුට මෙම විවාදයේදී ඊට පක්ෂව අදහස් දැක්වීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද ඔහු අවධාරණය කළේය.

ජයසූරිය උඩුකුඹුරa
« PREV
NEXT »