BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 13, 2017

ලිට්රෝ සභාපති නිශ්ශංක - රක්ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ නිලූ.

ලිට්රෝ ගෑස් සභාපති ධූරයට ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කර මහතා පත්කර තිබේ.

තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වෝදනා ලැබීම හේතුවෙන් එහි හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව එම ධූරය හිස්ව පැවැතිනි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හා එම පක්ෂයේ නීතීඥ සංගමයේ ලේකම්වරයා ද වන නිශ්ශංක මහතාව යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ තනතුරු සඳහා නම්කර තිබිණි.

කෙසේවුවද, අදාළ තනතුරු දැරෑවන් එම ධූරවලින් ඉල්ලා අස්නොවීම හේතුවෙන් ඔහුට එම කිසිදු තනතුරකට පසුගිය කාලයේදී පත් වීමට නොහැකි විය.

ඒ මහතා පසුගිය රාජපක්ෂ රෙජීම සමයේ එජාපයට සම්බන්ධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් පක්ෂය වෙනුවෙන් විශාල සහයක් දුන් අයෙකු ලෙසද සැලැකේ.

මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ ධුරය සදහා නිලූ විජේදාස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවේ තීරණයකට අනුව, රක්ෂණ සංස්ථාවේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ධුර අහෝසි කරමින් මෙලෙස නව විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කළ බවයි.

එහි සම කළමනාකරණ අධ්‍යක්ෂ ධූර දැරූ අරුණ සිරිවර්ධන සහ ටී.එම්.ආර්. බන්සජයා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව එහි තවදුරටත් දැක්වේ.


එමෙන්ම, රක්ෂණ සංස්ථාවේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස සාදි ඩාවුඞ් පත් කිරීමට පියවර ගෙන ඇති බව ද සදහන්.
« PREV
NEXT »