BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 07, 2017

හම්බන්තොට යුද පිටියක්‌ වෙයි - පොලීසිය ගුටි දෙයි - වීඩියෝ

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ විකිණීමට විරෝධය දක්වමින් පෙරේදා (06දා) හම්බන්තොට නගරයේ පැවැති විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.


පොලිසියේ මේ ක්‍රියා කලාපය හමුවේ කෝප වූ විරෝධතා කරුවන්ගෙන් පිරිසක් ගල්මුල්වලින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනක් තුවාල ලබා රෝහල් ගත කොට ඇත. විරෝධතාකරුවන් අතර සිටි පිරිසෙන් 26 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන සිටිති. මේ අයගෙන් 20 දෙනකු පිරිමි වන අතර හයදෙනෙක් කාන්තාවෝය. විරෝධතාකරුවන් පැමිණි යතුරුපැදි හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට අධිකරණ කලාපය තුළ පීඩාකාරී විරෝධතා හා උද්ඝෝෂණ නොපවත්වන ලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කොට තිබුණත්, එය කිසිදු සැලකිල්ලකට නොගත් 2000කට ආසන්න පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ යෙදුණාහ.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, විජිත බේරුගොඩ, මන්ත්‍රිවරුද පළාත් සභා මන්ත්‍රිවරු වන ඩී.වී. උපුල්, සිංහ සමන් කුමාර මහත්වරුන්ද විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටිනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ගෙනා, ඔවුන්ව මෙහෙයවූ මෙම මන්ත්‍රිවරු කිසි දෙනෙක්ට කඳුලු ගෑස් ප්‍රහාර හෝ, බැටන් පොලු ප්‍රහා එල්ල වූයේ නැත..අත් අඩංගුවට පත් වුයේද නැත.

හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින් පෙරේදා උදෑසන 10.30ට පමණ විරෝධතාව ආරම්භ වූ අතර හම්බන්තොට නගරයට පැමිණ පරණ තංගල්ල මාර්ගයේ ගමන් කර පසුව ඉන්දියන් මහකොමසාරිස් කොන්සියුලර් කාර්යාලය අසලට පැමිණ පැවති විරෝධතාවට සහභාගි වූ භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් පෙත්සමක් භාරදී නැවත පැමිණීමෙන් පසු විරෝධතාකරුවන් පොලිසිය විසින් මාර්ගය අවහිර කර ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව සඳහා තිබූ බාධක පෙරැළීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කරන ලදී. එහිදී විරෝධතාකරුවන් විසිර ගිය අතර පුද්ගලයන් 26 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්විය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමින් පොලිස්‌ නිලධාරීන් තිදෙනකු හා විරෝධතාකරුවන් පිරිසක්‌ ද තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන් හම්බන්තොට වෙරළ උද්‍යානයේ සිට පාගමනින් ඉන්දියානු කොන්සල් කාර්යාලය අසලට පැමිණ සංදේශයක්‌ භාරදීමට සැරසුණ ද පොලිසිය විසින් මාර්ග බාධක යොදා එය නතර කිරීමට කටයුතු කරන ලදී. පසුව භික්‍ෂූන් වහන්සේ දෙනමකට පමණක්‌ ඉන්දියානු කොන්සල් කාර්යාලය ඇතුළට ගොස්‌ අදාළ සංදේශය භාරදීමට කටයුතු සලසා දුනි. ඉන්දියානු කොන්සල් කාර්යාලයට ගොස්‌ අදාළ සංදේශය භාරදී නැවත විරෝධතාකරුවන් සිටින ස්‌ථානයට භික්‍ෂූන් වහන්සේ දෙනමද පැමිණි අතර එකවරම පොලිසිය හා විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්ත්වයක්‌ ඇතිවිය. මෙහිදී පොලිසිය කඳුළු ගෑස්‌ හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර විරෝධතාවයේ නිරත පිරිස්‌ විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.

විරෝධතාවයේ නිරත පිරිස්‌ මැඬපැවැත්වීම සඳහා ජල ප්‍රහාරක රථ ඇතුළු පොලිස්‌ කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බළකාය හා තංගල්ල, මාතර පොලිස්‌ කොට්‌ඨාසවලින් ද පොලිස්‌ නිලධාරීන් හම්බන්තොටට කැඳවා ස්‌ථානගතකර තිබුණි. ඉන්දියානු කොන්සල් කාර්යාලය අසල දැඩි පොලිස්‌ රැකවල් යොදා තිබිණි.

විරෝධතාවය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක, අරුන්දික ප්‍රනාන්දු, ඩලස්‌ අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්‌ ද එක්‌ව සිටියහ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.







« PREV
NEXT »