BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 10, 2017

මෛත්‍රීට එල්ල කල LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයට අවුරුදු 9යි

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත හමුදාවට එරෙහිව 2009 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබාගත් දැවැන්ත යුද ජයග‍්‍රහණයට පියවරු දහසක් නැත. එකී ජයග‍්‍රහණයේ පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතා සියතින්ම පවරාගත්තේ උගන්ඩාවේ හිටපු ඒකාධිපති ඉඩි අමීන් අනුදත් ම`ග යමිනි. හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය ලබාගත් පසු එරට හමුදාවේ ඉහළම නිලයට හිමි නිල ලාංඡුන තමා විසින්ම පළදවා ගත් ඉඩි අමීන් හතරේ පන්තියටවත් ගොස් නොතිබුණ ද හරාරේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ද ඔහු විසින්ම ඔහුටම ප‍්‍රදානය කරගත්තේය. 

ඉන්පසු ඊට සමාන දෙයක් වී නම් එවැනි දේවල් සිදුව ඇත්තේ ලංකාවේ වියයුතුය. යුද හමුදාවට අණ දෙමින් යුද්ධය විජයග‍්‍රහණයක් කරා ගෙන ගිය එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් කුදලාගෙන ගොස් සිරගත කළ මහින්ද රාජපක්ෂ අවසන් සටනට නායකත්වය දෙනු තබා ඒ මොහොතේ ලංකාවේවත් නොසිටි බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. මේ රටට අතිදැවැන්ත විජයග‍්‍රහණයක් ලබාදුන් අවසන් යුද සටන සිදුවන කාලවකවානුවේ මේ රටේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව අද පවා බොහෝදෙනෙක් නොදන්නේ ද ඒ නිසාය. 

අද මේ සටහන තබන්නේ ඒ ගැන කියන්නට නොවේ. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් විසින් බිලිගැනීමට සූදානම් වූ මේ රටේ ප‍්‍රමුඛතම දේශපාලනඥයෙකු ඉලක්ක කරගත් පස්වන ප‍්‍රහාරය සිදුවී  වසර 09 ක් ගතවන නිසාය. දිනය - 2008 ඔක්තෝබර් 09 වනදාය. පිළියන්දල පැවති රාජ්‍ය වප් මගුල් උත්සවයට සහභාගී වී ආපසු එමින් සිටි ඔහුගේ රථය ඉලක්ක කරගත් මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ කාන්තාවක් කඩාපනිද්දි ඇතැමෙකු සිතන්නට ඇත්තේ එකී ප‍්‍රහාරය සාර්ථක ඇතැයි යන්නය. ජාතියේ වාසනාවකට එය එසේ සිදුනොවීය. එහෙත් එකී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් ජීවිත ගණනාවක් රටට අහිමි වූ අතර තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුවිය. 

ඒ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එල්ල වූ පස්වන ඝාතන සැලසුම ව්‍යාර්ථ වූ ආකාරයයි. 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ ය හතරවන ඝාතන සැලැස්ම දියත් කරන්නේ 2007 සිංහල අලූත් අවුරුදු දිනයේදී ය. ඔහුට සුබපැතීම ස`දහා එන පොළොන්නරුවේ ඡුන්දදායකයෙකුගේ වෙස්ගන්නා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙක් කේක් පාර්සලයක පෙනුම ඇති බෝම්බයක් ද සමග ඔහුගේ නිවසට එන්නේ නියත බිල්ලක අරමුණකින් යුතුවය. එහෙත් ආරක්ෂක අංශ වල උකුසු ඇස නිසා ඝාතකතයා ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්විය. 

ඔහු මරාදැමීමේ අරමුණ ඇතිව එල්.ටී.ටී.ඊ ය දියත් කරන තුන්වන සැලැස්ම ක‍්‍රියාවට නැගීමට නියමිතව තිබුණේ හරියටම ඊට වසරකට පෙරදී ය. එය ද අපේ්‍්‍රල් මාසයේ එක් දිනක් විය. ඒ 2006 වසරේදී ය. අලූතෙන් ඉදිකරන ලද වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණේ එදිනය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එනතෙක් මගබලා සිටි එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු පිළිබ`ද ඔත්තුවක් කලින්ම ලැබී නොතිබෙන්නට ඇතිවිය හැකිව තිබූ ප‍්‍රථිඵලය බොහෝ සේ ඛේදනීය වන්නට ඉඩතිබිණ. ඒ අනුව ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට පත්වන්නේ උත්සව භූමිය තුළදීම ය. අත්අඩංගුවට පත්වීමත් සමග ත‍්‍රස්තවාදීන් දෙදෙනාම සයනයිඞ් කා සියදිවි නසාගැනීම තුළ ඊට අදාළ බොහෝ රහස් ත‍්‍රස්තවාදීන්ගේ මරණ ද සමග වැළලී ගියේය. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් දෙවන ඝාතන සැලසුම දියත්වන්නේ 2000 වසරේදී ය. ඒ සොරුවිල දෙමළ ගම්මානයේ විදුලිය විවෘත කිරීමේ උත්සවය පැවති දිනයේදී ය. මරාගෙන මැරෙන්නට පැමිණි සිටි කාන්තාව අදාළ උත්සව භූමියේදිම අත්අඩංගුවට ගැනීම නිසා එල්.ටී.ටී.ඊ එම උත්සාහය ද ව්‍යාර්ථ විය. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතය පමණක් නොව එතුමන්ගේ ආදරණීය භාර්යාවගේ හා පුතණුවන්ගේ ජීවිත අනූනමයෙන් ගැලවුණ අවස්ථාවක් ද විය. ඒ 2000 වසරේ මාර්තු මාසයේදී ය. එදා එල්.ටී.ටී.ඊ ය සිය මරාගෙන මැරෙන සෙබ`එන් ගණනාවක්ම යොදවන්නේ රාජගිරියට ය. එදින එම වේලාව ඔහු කලින්ම වෙන්කරගෙන තිබී ඇත්තේ සිය මිතුරෙකු මෙන්ම ප‍්‍රවීන ලේඛකයෙකු ද වන මළල්ගොඩ බන්දුතිලක මහතා හමුවීමට ය. එහිදී සිය බිරි`ද හා පුතණුවන් වේලාසනම සිය මිතුරු නිවසට පිටත්කර හරින ඔහු පාර්ලිමේන්තුවට යන්නේ නියමිත වේලාවට එතැනට එන්නටය. එහෙත් නියමිත වේලාවට පෙරම එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන භට කණ්ඩායමක් රාජගිරිය වටරවුම අත්පත් කරගනිමින් බලා සිට ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා එතැනට එනතුරුය. ඔහුගේ පැමිණීය තරමක පමාවීමත් සමග ත‍්‍රස්තවාදීහු වෙනත් ප‍්‍රභූ රථ පෙලක් ඉලක්ක කරගත්හ. වෙඩි හ`ඩ හා මරලතෝනි සමග මු`එ රාජගිරියම කැළඹෙද්දි මළල්ගොඩ බන්දුතිලක මහතාගේ නිවසේ සිටි මෛත‍්‍රීපාල සිරිසේන මැතිණිය හා කුඩා පුතු පැය කිහිපයක්ම ගතකර ඇත්තේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ගහණයට මැදි වූ පිරිසක් අතරය. එක් අවස්ථාවක දී එකී ත‍්‍රස්ත පිරිස ඔවුන් රැු`දී සිටි නිවස තුළට ද කඩා වැ`දී ඇතත් ඔවුන් කවුදැයි නිශ්චිතව හ`දුනාගැනීමට ත‍්‍රස්තවාදීන්ට නොහැකිවීම තුළ සිදුව හැකිව තිබූ තවත් ව්‍යසනයක් වැළකී තිබේ. එහෙත් එකී ත‍්‍රස්ත ප‍්‍රහාරය මගින් විශාල ජීවිත පිරිසක් රටට අහිමි වූ බව මෙහිදී සිහිපත් කළයුතුය. 

ඒ අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය මරගෙන මැරෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පහක්ම සැලසුම් කර ඇති දේශපාලන නායකයන් අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සිටින්නේ පළමු තැනකය. ඒ සියලූ අනතුරු හමුවේ හාස්කමකට මෙන් ඔහුගේ ජීවිතය නිරුපද්‍රිත වන්නේ එල්.ටී.ටී.ඊ යේ දුර්වලතාවයක් නිසා වියනොහැකිය. දෛවය විසින් ඔහු වෙත භාරදීමට නියමිතව තිබූ උදාරතර කාර්යභාරය උදෙසා ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වූ නිසා වියයුතුය.




« PREV
NEXT »