Thursday, November 09, 2017
Home
Gossip Lanka News
අද හවස 3ට පාර්ලිමේන්තුවට එන, ඉතිහාසය වෙනස් කරන මංගලගේ අයවැය ගැන වටින්ගොඩින් එන ඔබ නොදත් තතු - මඩත් නැතිලු
අද හවස 3ට පාර්ලිමේන්තුවට එන, ඉතිහාසය වෙනස් කරන මංගලගේ අයවැය ගැන වටින්ගොඩින් එන ඔබ නොදත් තතු - මඩත් නැතිලු
-
Thursday, November 09, 2017
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 වන දා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයා විසින්.
මෙවර අයවැය ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැය මෙය වන අතර එය සුවිශේෂි එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉතිහාසයේ සෑම අයවැයක්ම ප්‍රකාශයට පත් වූයේ විපක්ෂයට චෝදනා කරමින්, මඩ ගසා ගනිමින් බව අප දන්නා සත්‍යයකි. එහෙත් මෙවර අයවැයේ කිසියම් හෝ මඩක් නොමැති බව එම දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ.
ප්‍රජාතන්ත්‍රවාදී මූලික මිනිස් අයිතීන් මෙන්ම තිරසර රටක් ගොඩනැගීමට අවශ්‍ය ජාතික සංහිඳියාවට මූලික ඉඩ හසර මෙවර අයවැයෙන් ලැබෙතැයි පැවසෙන අතර එය තරුණ තරුණියන්, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් ඉලක්ක කොට ගත් අයවැයක් වනු ඇතැයිද පැවසේ.
ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම, රුපියල් බිලියන 3,982 ක්. පහුගිය අවුරුද්දේ රජයේ වියදමත් එක්ක බලද්දී රුපියල් බිලියන 1259ක් ඒ කියන්නේ 46% ක වැඩිවීමක්.
2018 වර්ෂයේ අපේක්ෂිත මුලු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,175 ක් කියලයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එතකොට අයවැය හිඟය පියවන්න රුපියල් බිලියන1,807 ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය ලෙස ගන්නත් සිද්ධ වෙනවා.
2018 අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කරලා තියෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයට කියලයි ආරංචිය. ඒ වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 290.7 ක්.
අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 227.57 ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 182.75 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 102.88 ක් වෙන්කරලා තියෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 178.39 යි. ජනාධිපතිවරයාට රුපියල් බිලියන 9.98 ක් සහ අග්‍රමාත්‍යවරයාට රුපියල් බිලියන 1.77 කුත් මේ පාර අයවැයෙන් වෙන්කරලා තියෙනවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...