BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 24, 2017

"කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා" - මඩ ගැහුවොත් ආණ්ඩුවෙන් එළියට එන බව මෛත්‍රී කියයි - කිවුවේ නි . ඇමති සුජීවට ද?

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


පැවති දුෂිත පාලනය වෙනස්කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සදහා බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලූදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සදහන් කළ ජනාධිපතිතුමා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලූදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලූදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා බව පැවසූ ජනාධිපතිතුමා එම දිගුකාලීන දේශපාලන ගමනක මහගු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සදහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සදහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සදහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසිය.


« PREV
NEXT »