Thursday, November 02, 2017
Home
Gossip Lanka News
පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා ගීතා පමණක් බව තහවුරු වේ - තීන්දුව අද
පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා ගීතා පමණක් බව තහවුරු වේ - තීන්දුව අද
-
Thursday, November 02, 2017
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසේ භාවය ලබා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් බව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් තහවුරු කර ඇත.
PAFFREL සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කාරණය විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කිරීමන් අනතුරුව මෙම තොරතුරු හෙළි කර ඇත. (RTI 009)
ඒ අනුව ආගමන විගමන පාලකවරයා විසින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කොට ඇත. ඒ අනුව එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයගේ තොරතුරු අන්තර්ගත කොට ඇති පරිඝනක පද්ධතියට ඇතුලත් කොට පරීක්ෂා කර ඇති අතර එයින්ද නොනැවතී පරිඝනක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කල පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කොට ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවයි. එමෙන්ම මෙකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් අප වෙත දන්වා එවා ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...