Saturday, November 11, 2017
Home
Gossip Lanka News
එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්
එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්
-
Saturday, November 11, 2017
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කළ යුතු බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.
මීට අමතරව කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද යම් යම් මත ගැටුම් ඇති වී තිබේ.
මෛත්‍රී-මහින්ද හමුවක්
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය.
මෙම සාකච්ඡාවට පෙර බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ඇමැතිවරුන් මුණගැසී මූලික එකඟතා ඇතිකරගෙන තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවලට එකඟ නොවී නව කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ශ්‍රීල.නි.ප.යෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙපක්ෂයේ කතාබහ ඉදිරියට ගෙනයාමටත් කමිටුවක් පත් කැරිණි. එම කමිටුව සී. බී. රත්නායක, බැසිල් රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.
මේ වනවිටත් ශ්‍රීල.නි.ප.යෙන් සාකච්ඡා සඳහා කමිටුවක් නම්කර තිබේ. එහි ප්‍රධානියා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. ඩිලාන් පෙරේරා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටු එක් වී කරන කතාබහ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අවසන් තීරණය ගැනීමේ බලය පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය මහ මැතිවරණයේදී තම කණ්ඩායම ලැබූ අත්දැකීම් නිසා ශ්‍රීල.නි.ප.යට දැඩි කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.
කෙසේ හෝ පැවැත්වීමට එකඟ වී තිබෙන නායකයන් දෙදෙනාගේ හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ පමණක් සහභාගී වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...