BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 24, 2017

එ්කාබද්ධයේ මන්තී‍්‍රන්ට කළ බාධා ගැන සොයන්න

පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන් බාධා එල්ල කළ බැවින් එ් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තුවේදී ගුණවර්ධන මහතා මේ බව කීවේය.

හෙතෙම මෙසේද කීය.
”ඔබතුමා මොන උපදෙස් දුන්නත් රාජ්‍ය නිලධාරීන් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ. මේ මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද ආරක්ෂා කළොත් පමණයි පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වෙන්නේ.”

බන්ධුල ගුණවර්ධන මහතා - ”මගේ පැමිණීම අවහිර කිරීම පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමුකරන්න.”
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
« PREV
NEXT »