Monday, November 06, 2017
Home
Gossip Lanka News
ගාල්ලේ එජනිස ලැයිස්‌තුව අවලංගුවන ලකුණු?
ගාල්ලේ එජනිස ලැයිස්‌තුව අවලංගුවන ලකුණු?
-
Monday, November 06, 2017
ද්විත්ව පුරවැසි භාවය ලබා තිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවූවා නම් ඇය සමඟ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතු යෑයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (05 දා) පැවැසීය.
මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගැනීමේදී එම තැනැත්තාගේ නම සහිත එම සම්පූර්ණ නාමලේඛනයම අහෝසිවිය යුතු යෑයිද ඒa මහතා කියා සිටියේ ඊයේ (05දා) විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
මේ සම්බන්ධයෙන් අගතියට පත් අයකු හෝ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට විවරණයක් කළයුතු යෑයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
19 වන ව්‍යවස්‌ථාවට අනුව ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින අයකුට මෙරටේ ජනාධිපති හෝ පාර්ලිමේන්තු ධුරයක් හෙබවිය නොහැකිය යන්න වගන්තියට යටත්ව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අහෝසිවී ඇති බවත් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධුරය දැරූ කාලය තුළ ලබාගත් සියලු වරප්‍රසාද නැවත රජයට අයවිය යුතු බවත් සඳහන් තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇතැයිද ඒ මහතා කීය.
එම අභියාචනා තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කර තිබීම නිසා ඇය පාර්ලිමේන්තුවෙන් ලබාගත් වැටුප් ඇතුළු සියලු වියදම් නැවත ලබාදීමට සිදුවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලැබී නොමැති බවත් එය ලැබුණු විට ඇයගෙන් කොපමණ මුදලක් අයකර ගන්නවාද යන්න මහලේකම්වරයා තීන්දු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
-චමින්ද සිල්වා
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...