BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 30, 2017

ඒකාබද්ධය සමග සාකච්ඡා කොට උඩ - නිදහස්පක්ශය තනිව සටනට

ඉදිරි පළාත් පාලන මැතිවණයට තරග කිරීම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාම යෝජනා සකසා අවසන් යයි එම පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තර වදින්නේ අත ලකුණින් වීමට වැඩි ඉඩකඩක් ඇති බවද ඔහු සදහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීම සදහා අපේක්‍ෂා කරන කණ්ඩායම් සදහා තව දුරටත් අවස්ථාව හිමි බවද ලේකම්වරයා කියා සිටී.
ශ‍්‍රීලනිපයට මේ මොහොතේදී වෙනත් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට එකතු වීමට කිසිදු උවමනාවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියයි.
කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය එක්ව තරග කරන්නේ නම් එක්සත් ජාතික ඵක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලා සිටින ප‍්‍රධාන යෝජනාව මේ වන විටත් ශ‍්‍රීලනිපය විසින් ඉටු කිරීමට කිසිදු සූදානමක් ඇති බවක් නොපෙනෙයි.
අද දිනයේ කාර්යබහුලව තිබූ ආකාරයයි
« PREV
NEXT »