Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
ඉන්ධන අර්බුදයට හේතුව ගැටලු සහගත ආනයන ප්‍රතිපත්තියයි
ඉන්ධන අර්බුදයට හේතුව ගැටලු සහගත ආනයන ප්‍රතිපත්තියයි
-
Wednesday, November 08, 2017
රටේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව ඉන්දියන් තෙල් සමාගම ගෙන්වන ලද තෙල් නැවක් නියමිත ප්‍රමිතියට නොමැතිකම නිසා ප්‍රතික්ෂේප වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23 (2) යටතේ අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්ව සිටිනවා. එසේම මෙම තත්ත්වය රටේ ආර්ථිකයට බලපෑම් කරන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව ලෙස ප්‍රකාශ වන්නේ, ඉන්දීය තෙල් සමාගම ගෙන්වන ලද තෙල් නැවක් නියමිත ප්‍රමිතියට නොමැතිකමින් ගොඩබෑම ප්‍රතික්ෂේප වී තිබීමයි.
නමුත් මෙහිදී පෙනී යන ප්‍රධානතම කරුණු කිහිපයක් තිබෙනවා. පළමුවැන්න නියමිත පරිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවරයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ලංකාවට තෙල් ගෙන්වන ලද්දේ දීර්ඝකාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේයි. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනයක් තෝරාගෙන තිබියදීත් ඊට කැබිනට් අනුමැතිය ලබා නොදී ඒ වෙනුවට වෙළඳපොළෙන් ස්ථානීය මිලදී ගැනීම් යටතේ තෙල් ගෙනඒම අරඹා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමරිකානු ඩො: මිලියන 40ක ඉතා බරපතළ පාඩුවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මෙම සභාවට සංඛ්‍යාලේඛන සහිතව ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
දෙවැන්න ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමයි. දැනට පවතින ගබඩා ප්‍රමාණවත් වන්නේ සති 02 පමණ කාලයකට පමණයි.
ත්‍රිකුණාමලය චීන වරායේ ටැංකි 99ක් පවතින අතර, 2003 වනවිටත් අගමැතිවරයා යටතේම මෙය LIOC සමාගමට වසර 35කට ලියවිල්ලකින් පමණක් ලබාදී තිබෙනවා. එහි 1.2 ඡේදය යටතේ 2003.03.01 දින සිට මාස 06ක් තුළ විධිමත් බදු ගිවිසුමකට නොයෑම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීතිවිරෝධී ලෙසයි. සැබැවින්ම දැනට ඔවුන් භාවිතා කරන්නේ ද ටැංකි 08ක් පමණයි. ඉතිරි ටැංකිවලින් ටැංකි 10ක් තෙල් සංස්ථා පරිහරණයට ලබාගැනීමට 2016 අප්‍රේල් ගත් කැබිනට් තීන්දුව අගමැතිවරයා විසින් 2016.06.06 කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කර තිබෙනවා. ආණ්ඩුව විසින් උත්සාහ ගනිමින් සිටින්නේ, මෙම ටැංකි LIOCට නීති ගතකොටම ලබාදීමටයි.
