Sunday, November 26, 2017
Home
Gossip Lanka News
වෙබ් තහනමක් තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි
වෙබ් තහනමක් තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි
-
Sunday, November 26, 2017
මෑත දිනවල ජනාධිපතිවරයා විවේචනය කරන වෙබ් අඩවියකට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවේශවීමට තහංචි පනවා දෙසතියක් ගතවෙද්දී ජගත් සමුළුවක් ඇමතූ අගමැතිවරයා අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශනය බරපතල ලෙස අභියෝගයට ලක්වී ඇති බව ප්‍රකාශ කර තිබේ.
සියයකට අධික රටවල මුල් පෙලේ නියෝජිතයන් සහ රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක විද්‍යුත් තාක්ෂණ කටයුතු භාර අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දිල්ලි නුවර පැවති සයිබර් අවකාශය පිළිබඳ ගෝලීය සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලයට නිර්බාධිතව පිවිසීමට තිබෙන බාධක ඉවත් කිරීම සඳහා ලොව පුරා දැරෙන “අන්තර්ජාල මැදිහත්භාවය” නම් ව්‍යායාමය අගය කළේය.
“අන්තවාදයේ සිට ලිබරල්වාදය දක්වා හේතු නිසා” එම උත්සාහය එක්සත් ජනපදයේ පවා අභියෝගයට ලක්වී ඇතැයි පැවසූ අගමැති වරයා කියා සිටියේ අන්තර්ජාල නිදහස යුක්තිය සඳහා වන අරගලයට දායක වන බවයි.
“ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවන සමාජයේ අද්දරට තල්ලුවූ සහ පීඩාවට පත්වූ කොටස්වලට තමන්ගේ කතා කියන්නටත්, යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නටත් අන්තර්ජාල මැදිහත්භාවය නිසා ඉඩ සැලසෙන අයුරු මෑත කාල වකවානුවේ අප දැක ඇත්තෙමු,” යි අගමැති වික්‍රමසිංහ සමුළුව හමුවේ කියා සිටියේය.
යහපාලනයට අන්තර්ජාල සහාය:
ශ්‍රී ලංකාවේ තම පුද්ගලික අත්දැකීම සභාව හමුවේ ගෙනහැර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ 2015 ජනවාරි 8 වැනිදා දක්වා තමන් මුහුණ දුන් දේශපාලන බාධා අතර විරුද්ධ මතවලට නිදහසේ කතා කිරීමට ඉඩ නොදෙමින් අන්තර්ජාල සේවා අවහිර කිරීමද වූ බවයි.
රාජ්‍යය විසින් පවත්වාගෙන යනු ලැබූ අන්තර්ජාල තහංචි බලයට පත්වූ පසු ඉවත් කරන ලද බව පැවසූ අගමැතිවරයා කියා සිටියේ එමගින් සැමටම නිදහසේ අදහස් පල කිරීමේ අයිතිය ලබා දුන් බවයි.
“එහි ප්‍රතිපලය වී ඇත්තේ මම ශ්‍රී ලංකාවේ වඩාත් අවමානයට සහ චරිත ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් අතරින් අයකු බවට පත්වීමයි,” යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
වර්තමාන රජය බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුනු 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට ප්‍රවේශවීම නොවැම්බර් 8 දා සිට ශ්‍රී ලංකාව තුල අවහිර කර ඇත.
radiogagana
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...