Tuesday, November 14, 2017
Home
Gossip Lanka News
මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ - මට නැත්නම් තොපිටත් නැ - මංගල
මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ - මට නැත්නම් තොපිටත් නැ - මංගල
-
Tuesday, November 14, 2017
තම පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 'බෙල්ල කපා' දෙන අගමැතිකමක් බාර ගැනීමට තමාගේ කිසිඳු අදහසක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
තම දේශපාලන ජීවිතය තුල කිසිඳු අවස්ථාවක නායකත්වයට එරෙහිව කටයුතු කර නැතැයි පැවසු සමරවීර මහතා, කිසියම් මතවාදීමය හෝ වෙනත් ගැටළුවක් මතුවූ ඕනෑම අවස්ථාවක දී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ජා කර එකඟත්වයක් ඇතිකර ගැනීම තම දේශපාලන භාවිතාව බවද කියා සිටියේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා එබව කියා සිටියේ, බැඳුම්කර කොමිසම හමුවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවටත්, එම තත්වය තුල
යම් හෙයකින් අග්‍රාමාත්‍ය වරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා කරු ජයසූරිය, සජිත් ප්‍රේමදස හෝ මංගල සමරවීර යන එජාප ජ්‍යේෂ්ඨන් ගේ නම් යෝජනා වනු ඇති බවටත් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදීය.
පට්ට පල් බොරුවක් !
ජනාධිපතිවරයා පසුගියදා මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමින් ඉවත්වන්නැයි ඉල්ලීමක් කල බවට එම මාධ්‍යවල පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක එවැනි ඉල්ලීමක් නොකළ බවත්, එවැනි කිසිඳු කරුණක් සාකච්ජා නොකළ බවත් අවධාරණය කර සිටියේය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් ඇතැයි ඇතැම් මාධ්‍ය වල පලවන වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කල අමාත්‍ය මංගල සමරවීර මහතා, අගමැතිවරයා සැම සතියකම දිනක් හෝ දෙකක් ජනාධිපතිවරයා හමුවී පැය කිහිපයක් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සුහඳ සාකච්ජා පවත්වන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
මට නැත්නම් තොපිටත් නැ :
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් ඇති බවටත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් අගමැතිධුරයට ඒමට එජාපයේ නායකයකු කුමන්ත්‍රණයක දී සිටින බවටත් මංගල සමරවීර මහතා එහි ඉදිරියෙන්ම සිටින බවටත් එජාපයේම ජ්‍යෙෂ්ඨයෙකු පසුගිය සති කිහිපයෙහි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් වරින් වර කැඳවා ප්‍රකාශ කර තිබු අතර ඔහුගේ මුදලින් නඩත්තුවන සමාජ මාධ්‍ය කිහිපයක් ද එම කාරණය ප්‍රචාරය කර තිබිණ.
එම තත්වය තුල පක්ෂය තුල කල්ලි කණ්ඩායම් සැදීමේ කුමන්ත්‍රණ වහාම නවත්වන ලෙස අදාල එජාප ප්‍රබලයට දැනුම් දී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මින් ඉදිරියට එවැනි සාකච්ජා වලට සහභාගී නොවන ලෙස මන්ත්‍රීවරුන්ට ද දැනුම් දී තිබිණ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...