BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 06, 2017

ගුරු වැටුප් වැඩිවන ලකුණු ?

ඉදිරියේදී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් ලබන වෘත්තියක් බවට පත්කිරීම තමාගේ අපේක්ෂාව යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

ඉදිරියේදී නව ගුරුවරුන් 15000ක් පමණ බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්, දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස විද්‍යා පීඨ සඳහා බඳවා ගැනෙන සංඛ්‍යාව වැඩිකිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා මෙහිදි කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දුන්නේ ලෝකයේ ඇති සියලු වෘත්තීන් අතුරින් ශ්‍රේෂ්ඨතම වෘත්තිය වන්නේ ගුරු වෘත්තිය බවත් අනෙකුත් සියලු වෘත්තිකයින් බිහිකිරීමේ හැකියාව පවතින්නේ ද ගුරු වෘත්තියට පමණක් බවයි. එම නිසා රට තුළ පූර්ණ වශයෙන් පරිවර්තනයක් කිරීමේ හැකියාව ගුරුවරුන් සතුව පවතින බව ද අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටියදී ගැබිනියකැයි චෝදනා ලැබ එම පාසලෙන් ඉවත් කළ දැරිය පිළිබඳවද අදහස් දැක්වූ ඇමැතිවරයා, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සෑම දරුවකුම තමන්ගේ දරුවකු ලෙස සිතන්නේ නම් කිසිලෙසකින් මෙවැනි සිදුවීම් ඇති නොවන බවද පැවසුවේය. ක්ෂේත්‍රයේ නියුතු සියලු වගකිව යුතු පුද්ගලයන් වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් අවධාරණය කළ ඇමැතිවරයා, අදාළ දැරිය ජාතික පාසලකට ඇතුළත් කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවත් එම දැරියට මසකට රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

මේ උත්සවයේදී විවිධ විෂය දක්ෂතා දැක්වූ කොළඹ ආනන්ද බාලිකා සිසු දැරියන් වෙත ඇමැතිවරයා අතින් සම්මාන, සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය කෙරුණි.
« PREV
NEXT »