Tuesday, November 21, 2017
Home
Gossip Lanka News
දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්
දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්
-
Tuesday, November 21, 2017
කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම මඟින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙන බවත් තවමත් කිසිදු මන්ත්‍රීවරයකු වරදකරුවකු නොවන බවත් මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් කැඳවා සුදුසු පියවරක් ගන්නා බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, බැදුම්කර සිදුවීම සම්බන්ධව මන්ත්‍රීවරුන් කීපදෙනෙකු සම්බන්ධ දුරකතන ඇමැතුම් සිදුවීම පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය පැහැදිළි කරමිනි.
එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් විමර්ශන කොමිෂන් සභාව හමුවේ තබා තිබෙනවා. මෙහි සැබෑ තත්ත්වය වනුයේ, අර්ජුන් ඇලෝසියය්ස් විසින් තමාට පක්ෂව කෝප් වර්තාවේ යම් වෙනස්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සාමජිකයන් පස් දෙනා අමතන ලද්දේ නම් ඔහු ඔවුන් වෙතින් කිසිදු ආකාරයක අනුග්‍රහයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවය.
කොමිෂම අධිකරණයක් නොවේ. මන්ත්‍රීවරුන් කිසිවෙකු වරදකරුවන් ලෙස හඳුනාගෙන නෑ. අප වෙත පැනනගින ප්‍රශ්නය වනුයේ විශේෂයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මතද සහ කවර අරමුණක් වෙනුවෙන්ද යන්නයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කිය සිටියේ මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැරදි සහගත බවත් තොරතුරු ලබාගැනීමට ප්‍රථම කතානායකවරයාගේ අවසරය ලබාගත යුතුය යන්න තම හැඟීම බවත්ය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...