Saturday, November 04, 2017
Home
Gossip Lanka News
ටැංකි පුරවන්න පෝලිමේ ඉන්න එපා පෙට්‍රල් හිඟයක් නැහැ - ඇමතිගෙන් නිවේදනයක්
ටැංකි පුරවන්න පෝලිමේ ඉන්න එපා පෙට්‍රල් හිඟයක් නැහැ - ඇමතිගෙන් නිවේදනයක්
-
Saturday, November 04, 2017
අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. එතුමා කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.
“පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා. මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා. එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා...”

