BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

පවුල් 20,000 ක් ඉවත් කිරීම:ඒකාබද්ධයේ ප්‍රචාරය බොරුවක්

කොලොම්බුව ජලාශයක් ඉදිකර ගම්මාන විස්සක් යටකර පවුල් විසිදහසක් අනාථ කිරීමේ අවදානමක් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පැවැසීය.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

කැළණි ග‍‍ෙඟහි ජලය පාලනය කරන්න ස්ථාන හතරක් තියෙනවා. මේ සඳහා මිලියන 400 ක් වෙන්කරලා ති‍ෙයනවා. එම මුදල් ගංගා ඉවුර බැඳීමට පමණයි. මේ ජලාශ ඉදිකිරීම් ජනතාවගේ කැමැත්ත මත සිදුකරන බවට කැබිනට් එකේ තියනවා. ප්‍රදේශයේ ජනතාව විරුද්ධ නම් ඕවා කරන්නේ නැහැ. මේ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වාර්තාව මඟින්ද රජයට දැනුම් දෙනවා. මේක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒකාබද්ධ විපක්ෂය ඡන්දය වෙලාවේ මේක ලොකු ආයුධයක් කරගත්තා. ජනතා උද්ඝෝෂණ කරන්න මේ අය බලාපොරොත්තු වෙනවා. මා මේ පිළිබඳව කැබිනට් එකේදී වැඩි වේලාවක් අරගෙන කතා කළා. මේක හැන්සාඩ් එකේ කියනවා. මෙහෙ ඉන්නේ ගහ‍කොළ සමඟ ගැටුණු ජනතාවක්. බැංකු ණය අරගෙන ගෙවල් හදන අය ඉන්නවා. මේ පිළිබඳව මංගල සමරවීර මහතාටත් කතා කරලා නිරාකරණය කරගත්තා. මේ ගෙන යන බොරු ප්‍රචාරවලට සෘජුව නැඟී සිටිනවා.
« PREV
NEXT »