BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 19, 2017

නොමිලේ අක්ෂි කාච දෙන්න 2018 වසරට මිලියන 1700ක්

රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළට රුපියල් මිලියන 1700 කට වැඩි මුදලක් 2018 වසරේදි යෙදවීමට ඇස්තමේන්තු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අක්ෂි කාච 150,000 ක් 2018 වසරට අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

වසර 2017 දි අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කර රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදු කළ බවත් එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතු වුවත් 2018 වසරේදී කිසිදු ගැටලුවකින් තොරව නොමිලේ අක්ෂි කාච ලබාදෙන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

වයස අවුරුදු 40 ට ඉහළ වැඩිහිටි ජනගහනයෙන් සියයට 1.7 ක් මේ වන විට අක්ෂි රෝගවලට ගොදුරුව ඇතැයි ද වසර 2026 වන විට වැඩිහිටි ජනගහනයෙන් සියයට 26 ක් අන්ධභාවයට පත් වන බවට සංඛ්‍යා ලේඛන අනාවරණය කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් ජනතාව අන්ධභාවයෙන් වළක්වා ගැනීමට රජය පියවර ගන්නා බවත් අක්ෂි ශල්‍යකර්ම පොරොත්තු ලේඛනය අවම කර ගැනීමට අමාත්‍යාංශයේ විදයමෙන් පෞද්ගලික රෝහල්වලින් ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩපිළිවෙළක් 2018 වසරේදී ආරම්භ කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
« PREV
NEXT »