BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 12, 2017

“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කර පොහොට්ටුවේ අපේක්ෂකයන්ට මැතිවරණයේ නිරත විය නොහැකි බවත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එය තහනම් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු නිසා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අතර ඇතිවූ දුරකතන සංවාදයක් ගැන ද හෙළි විය.

එම දුරකතන සංවාදයේදී “දැන් මොකක්ද බං කරන්නේ“ යැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් විමසා සිටිය බවත් “සර් මේ පක්ෂෙ කඩනවාද? “ යන ප්‍රශ්නය එහිදී තමා ඇසූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරු වූයේ “උඹට පිස්සුද මම කවදාවත් පක්ෂෙ කඩන්නේ නෑ“ යනුවෙන් පිළිතුරු දුන් බවද ඉසුර දේවප්‍රිය මහතා හෙළිදරව්වක් සිදු කළේය.

ශ්‍රීලනිපයේ පොදු සතුරා එජාපය

දෙවැනි වතාවටත් ශ්‍රීලනිපය බේරාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවූ බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාවය ලැබුණු බවත් සඳහන් කළ ඉසුර දේවප්‍රිය මහතා එම එකඟතාවය කැඩුවේ ඩීල් කාරයින් නිසා බවද පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා ඒකාබද්ධ විපක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය බව මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව තරග කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව මහ ඇමැතිවරයා පැවසී ය.
« PREV
NEXT »