Thursday, December 28, 2017
Home
Unlabelled
දිනේශ් තනිවෙයි - මහජන එක්සත් පෙරමුණම මෛත්‍රී සෙවනට
දිනේශ් තනිවෙයි - මහජන එක්සත් පෙරමුණම මෛත්‍රී සෙවනට
-
Thursday, December 28, 2017
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන
ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය.
ඉකුත් දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා.
මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතිනවා.
