BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 27, 2017

රාජපක්ෂලා විමල්ව කපා දමයි- විමල් දුරකථනයත් විසන්ධිකොට කොළඹින් පිටවෙයි

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ පිරිස් පහළට ඇඳ දමා තිබීම බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් කථා කිරීම සඳහා පෙරෙයිදා (25) විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව ඔහුගේ කොළඹ නිවසේදී හමුවී ඇති අතර එහිදී විමල් තමන් සහ තම පක්ෂයට සිදු වූ මෙම පා පහර පිළිබඳව දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.

එම අවස්ථාවේදීම වහාම ක්‍රියාත්මක වූ මහින්ද බැසිල් අමතා විමල්ට සිදුව ඇති අකටයුත්ත පිළිබඳව විමසා ඇත. එහිදී බැසිල් පවසා ඇත්තේ, තමා පළමු වටයේ නාම යෝජනා භාරදුන් පළාත් පාලන ආයතන 93 සඳහා විමල් ඉල්ලු පරිදි ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයින් දැමූ බවත්, දෙවන වටයේ 243 සඳහා නාම යෝජනා සැකසීම එම ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් අතින් සිදු වූ බවත් එහිදී විමල් පවසන අසාධාරණය ඔහුගේ පක්ෂයට සිදුව ඇති බවයි. ඒත් සමඟම මහින්ද සුපුරුදු පරිදි (අයියා මලෝ සහෝදර බැනිල්ල ) සද්දේ දමා ලඟ ඉන්න එකා අන්ඳවා ගෙදර ඇරීමේ කථාව අරඹද්දීම, මෙහි වගකීම තමාට භාරගත නොහැකි බව පවසමින් බැසිල් දුරකථනය විසන්ධි කොට ඇත.

මෙයින් විමල්ව චාටු බසින් අන්දවා ටොපියක් දී ගෙදර යැවීමට ගිය මහින්දගේ උත්සහයද වැලලී ගොස් ඇත. ඒත් සමඟම දැඩි සිත් වේදනාවටත්, කලකිරීමටත් පත් විමල්, ‘සැරදෙව් මහරජ!’ නොකියාම එළියට බැස යන්න ගොස් ඇත.

කෙසේ වෙතත් මහින්දගේ සමීපතම සුරතලා මෙන්ම, රාජපක්ෂ රෙජීමයේ රෙදි කටින් අපුල්ලන්නා වන විමල් වීරවංශ මෙලෙස නොකියාම එසේ යන්ට යෑම ගැන පසුතැවුනු සිතින් සහ මදක් රත් වුණු ගතින් විමල්ව දුරකථනය හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ දරා ඇති අතර එහෙත් ඒ වන විටත් කිසිවකුටත් නොකියා දුරකථනය ද විසන්ධි කොට කොළඹින් පිටතට ගොස් ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මෙය මෙතෙක් රාජපක්ෂ රෙජීමය විසින් විමල් වීරවංශට සිදුකළ දැරුණුතම දේශපාලන කෙනෙහිළිකම බවට සැක නැත. එදා මෙදා තුර රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කම් කොට බොහෝ දෙනෙක් විඳි කොන්ඩම් තියරියේ පහස විමල්ටද හිමිවන දිනය වැඩි ඈතක නොවන බව මේ තුළින් පෙනී යන තවත් කරුණකි.
« PREV
NEXT »