Sunday, December 31, 2017
Home
Gossip Lanka News
වෙට්ටු දමා ලබන සතියේදී සටන් අරඹති
වෙට්ටු දමා ලබන සතියේදී සටන් අරඹති
-
Sunday, December 31, 2017
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු දියත් කොට ඡන්ද සටන ඇරඹීම ඉදිරි සතියේදී සිදුකරනු ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රධානීහු පැවසූහ. ඊට සමාන්තරව දේශපාලන පෙරැළි හා වෙනස්කම් ගණනාවක් සිදුවෙතැයිද දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂය ස්වකීය ඡන්ද සටන ඇරඹීම එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මහ සමුළුවෙන් පසුව ජනවාරි දෙවැනි සතියේදී සිදුකරනු ඇතැයි එජාප මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙක් පැවසීය. ඊට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සිරිකොත මන්දිරයට කැඳවා එජාප ඡන්ද මෙහෙයුම ගැන දැනුවත් කිරීම ජනවාරි මස 03 වැනි දින සිදුකිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රචාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ පසුගිය සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළේය. ඉදිරි කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දීපව්‍යාප්ත ඡන්ද ප්‍රචාරක රැලි 40කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇතැයි දේශයට වාර්තාවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සිය ඡන්ද ව්‍යාපාර සටන ආරම්භ කරන්නේ ජනවාරි 02 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයෙනි. එදින හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ සියලු ඡන්ද අපේක්ෂකයන් සාධාරණ මැතිවරණයක් සඳහා වන ප්‍රතිඥාව ලබාදෙන අතර පොහොට්ටුවේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයද එදින නිකුත් කරනු ඇතැයි දැනගන්නට තිබේ. එම පක්ෂයේ ප්‍රථම ප්‍රචාරක රැලිය ලබන සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවතදී පැවැත්වීමට නියමිතව ඇති බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ “ගම ජවිපෙට” යන තේමාවෙනි. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් ආසන මට්ටමින් පැවැත්වෙන ඡන්ද ප්‍රචාරක රැලි සිය ගණනක් ජනතා විමුක්ති පෙරමුණ මගින් සිදුකිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත. ස්වකීය ඡන්ද ව්‍යාපාරයේ කුඩා ඡන්ද රැස්වීම් සහ ගෙයින් ගෙට යාම මගින් ජනතාව දැනුම්වත් කිරීම පක්ෂයේ අපේක්ෂාව බව එහි මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කළේය. මෙලෙස ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමඟ දීපව්‍යාප්තව පොලිස් නිලධාරීන් 60,000ක් මැතිවරණයේ ආරක්ෂාව සඳහා කැඳවනු ලැබ සිටිති. දැඩි මැතිවරණ උණුසුමක් ඇති ඡන්ද බල ප්‍රදේශ පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවලට අවශ්‍ය නම් හමුදා ආරක්ෂාව යෙදවීමට අපේක්ෂා කරන බවත් පොලිස් මැතිවරණ කාර්යාලය සඳහන් කළේය.
ගයාන් ගාල්ලගේ
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...