BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 13, 2017

එ්කාබද්ධයේ අවුල් ජාලාවක් පාක්ෂිකයා අනතුරේ - ඇත්ත කිව්වොත් තව කට්ටිය එලියට යයි – හැමෝම දැන් කලකිරිලා - ගම්මන්පිල

පොහොට්ටුව එහෙමත් නැත්නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් අටවාගත් බැසිල් රාජපක්ෂ තම දේශපාලන ආගමනය සිදුකරන්නේ එදා මහින්ද පරදවා දමා පදුරටවත් නොකියා රටින් පැනගිය අතීතය මෙරට ජනතාවට හොඳ හැටි මතක තිබෙන පසුබිමකය.


බැසිල් තමන්ගේ හා රාජපක්ෂ පවුලට තිබෙන වංචා දුෂණ චෝදනා යටපත් කර ගැනීම සඳහා දේශපාලන බලය නැවත තමන් වෙත ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව නොරහසක්. ඔහු කූට ලෙස කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇති ජනතා කැමැත්ත වක්‍රාකාරව මෙම නව පක්ෂය වටා එකතු කර ගැනීමටයි. එසේ කරන අතරතුර ඔහු තමන්ට හිතවත් හා තමාගේම හෙන්චයියන් පත් කරගනිමින් තමාට අවශ්‍ය ලෙස ඒකාධිපති ස්වරුපයෙන් නව පක්ෂයේ කටයුතු කරගෙන යන බව නොරහසක්.

බැසිල්ගේ පදයට නටන්නට අකමැති කොන්ද පන ඇති පිරිස් එකින් එක ගැලවී යන්නට පටන්ගෙන ඇති අතර සමහරු පවසන්නේ පොහොට්ටුව පිපෙන්නටත් පෙර එහි පෙති පරවී වැටෙනා බවය.

මේ කරුණු වලට සාක්ෂි සපයමින් බැසිල් ගෙනයන මේ ක්‍රියාදාමය හරහා වෙනත් රටට කිසිදු ආදරයක් නැති පිරිසකට බලය ලබා දෙමින් පටු අයුරින් තම පවුල රැක ගැනීමට උත්සාහ දරමින් සිටිනා නිසා බොහෝ දෙනා කලකිරී ඇතිබවත් ඉදිරියේදී ඔවුන් පොහොට්ටුව හැරදා ඉවත්ව යන බවටත් ඉඟි පලවෙමින් පවතී.

කෙසේ වෙතත් පොහොට්ටු පක්ෂය තුල සාකච්ඡා කිරීම කෙසේ වෙතත් සාකච්චාවක් සඳහා කාලය වෙන් කිරීමට හෝ එහි නායකයන් අපොහොසත් බවත් ඒවා හෙළි කළහොත් තවත් කලකිරෙන පිරිස් වැඩි වන බවත් ඊයේ පවතී මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතාද කියා සිටියා. ඒ රුප රාමු පහතින්….


« PREV
NEXT »