BREAKING NEWS
latest

728x90

468x60

Monday, December 04, 2017

මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව ගැන අගමැති සැකයෙන්

මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව සැක සහිත බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ දැන් පැවැත්වෙන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සහ මාධ්‍යවේදී ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව කැපවී සිටින බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.



එහෙත් මාධ්‍ය ආයතනවලට ඒ සඳහා උවමනාවක් නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ මාධ්‍ය නිදහස භාවිත කරමින් ආණ්ඩුව පෙරළා දැමීමට බව ද අග‍්‍රාමාත්‍යවරයා චෝදනාවක් කළා. 


මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද සහභාගි වූහ.
« PREV
NEXT »