Friday, December 15, 2017
Home
Gossip Lanka News
රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්
රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්
-
Friday, December 15, 2017
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ.
මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිලි බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න හා විජිත් මානගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ(14) කැඳවා තිබේ.
එහිදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරනු ලැබ ඇති අපහාසාත්මක ප්‍රකාශය සම්පුර්ණයෙන් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණ ද එම විඩියෝ පටය මෙතෙක් අධිකරණය වෙත ලැබී නොමැති බවයි. එම කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ වීඩියෝ පටය ජනවාරි මස 15 දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එන්.ඒ.සුමන්දිරම් මහතා කියා සිටියේ අදාළ වීඩියෝ පටය නිරීක්ෂණය කර එම නඩුවට අදාළ මුලික විරෝධතා ඉදිරිපත් කරන බවයි.
පසුගිය අගෝස්තු 21 වන දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට බහුතරයක් නීතිඥවරුන් හා විනිසුරුවන් දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා ඇති බව පැමිණිලි වලින් දක්වා ඇත. මේ තුළින් අධිකරණ පද්ධතිය ගැන විශ්වාසය බිඳ වැටී ඇති අතර එය අධිකරණයට සිදු කළ අපහාසයක් බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
