Thursday, December 14, 2017
Home
Gossip Lanka News
හරින්ට නව ඇමති දූරයක් ?
හරින්ට නව ඇමති දූරයක් ?
-
Thursday, December 14, 2017
ජනතාවට වැඩ කළ හැකි අමාත්‍යාංශයක් ඉදිරියේදී තමන්ට ලැබෙන බවත්, එබැවින් පාක්‍ෂිකයන් කලබල නොවිය යුතු බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ බදුල්ල මහනගර සභාවට, බදුල්ල ප්‍රාදේශීය සභාවට හා ලුණුගල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා බාරදීමෙන් පසු ඊයේ (13දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මට ලැබුණු අමාත්‍යාංශය ගැන කලබල වෙලා ඉන්න පාක්ෂිකයන්ට මම අද කියනවා කලබල වෙන්න එපා,ඉස්සරහට හොඳ ආරංචියක් ලැබෙයි. වැඩ කරන්න පුළුවන් හොඳ අමාත්‍යාංශයක් සමග ඉස්සරහට එනවා." යනුවෙනි.
