BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 05, 2017

තිස්ස කුට්ටිආරච්චි මහින්දගේ දෙපා මුල වැද වැටෙමින් ඒකාබද්දයට එක්වෙයි

පළාත් පාලන මැතිවණය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන ප‍්‍රධාන ජනරැළි මාලාවේ බදුල්ල දිස්ත‍්‍රික් රැළිය අද (04) දිනයේ පැවැත්වින.


‘දිනන සටනේ ඇරඹුම’ නමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුනේ බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, ප‍්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද‍්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් රැුසක් එක්ව සිටියහ.

මෙම ජන රැුළියේදී එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඒකාබද්ද විපක්‍ෂය සමග එක් වීම විශේෂ සිදුවීමකි.

ඔහු වේදිකාවට ගොඩවී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ දෙපා නමැද ඒකාබද්ද වික්‍ෂය හා එක්විය.

මේ අතර වාර්තා වන්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් මීලගට පැවැත්වීමට නියමිත කෑගල්ල දිස්ත‍්‍රික් රැළියේදී ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වනු ඇති බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතායි.

මේ අතර වාර්තා වන්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරියේදී පවත්වන සියළුම ප‍්‍රධාන දිස්ත‍්‍රික් රැළිවලදී ආණ්ඩුවේ දේශපාලඥයකු හෝ කිහිප දෙනෙකු එම වේදිකාවට ගොඩ වී විපක්‍ෂයට එක් වනු ඇති බවටයි.
« PREV
NEXT »