Saturday, December 16, 2017
Home
Gossip Lanka News
එජාප බිම්මට්ටමෙන් මෛත්‍රී සෙවනට යයි
එජාප බිම්මට්ටමෙන් මෛත්‍රී සෙවනට යයි
-
Saturday, December 16, 2017
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද(16) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
ඒ අනුව, එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස ඩී.ආර්. ඉන්දු ගුණතිලක, එම්. නිහාල් විජයානන්ද, ජී.කේ උපාලි චන්ද්‍රසේන යන මහත්වරුන් පත් කර ඇත. ක්‍ෂත‍්‍රිය රාජපුත‍්‍ර වීරසිංහ සහ මහින්ද බණ්ඩාර බක්මීවැව යන මහත්වරුන් කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබූහ.
එසේම මාතර දිස්ත‍්‍රික් සංවිධායක ලෙස අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතාත්, දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සංවිධායක ලෙස වයි.ජී. බන්දුල සරත් කුමාර මහතාත් පත් කර ඇත.
එජාපයෙන් ශ්‍රීලනිපයට
මේ අතර මහඔය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු උප සභාපති කේ. ටී සේනාරත්න මහතා සහ මහඔය එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වූ ආර්.එම්.සී.එම්. ඥානරත්න යන මහත්වරුන් අද(16) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය පළ කිරීමට එක් වූහ.
අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සහ වයඹ මහ අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පසුගිය සමය පුරාවට ම එජාප ගම්මටමේ ක්‍රියාකාරීන් ශ්‍රීලනිපයට එක්විනි.
