BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 29, 2017

සාමකාමී මැතිවරණයකට පූර්ණ සහාය දෙන්න - මල්වතු-අස්ගිරි මහ නාහිමිවරු

ප්‍රචන්ඩත්වයෙන් තොර සාමාකාමී මැතිවරණයක් පැවැත් වීමට අවශ්‍ය සියලු සහාය මැතිවරණ කොමිසමට ලබාදීම පක්ෂවල මෙන්ම අපේක්ෂකයන්ගේ ද වගකීම බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරු දෙනම පවසති.

මැතිවරණ නීතීවලට ගරු කරමින් පරිසරයට හානි නොකර මැතිවරණය ප්‍රචාරක කටයුතුවල නිරත වීම කෙරෙහි අපේක්ෂකයන් උනන්දු විය යුතු බවද උන්වහන්සේ දෙනම පවසති.

මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති රාජා පුෂ්පකුමාර මහතා ඊයේ (28) මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමිවරු දෙනම මේබව පැවසූහ. මෙවර මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදු කළ යුතුව තිබෙන්නේ ඉතා සීමිත ප්‍රදේශයක බැවින් ගෙන් ගෙට යමින් හෝ ජනතාව හමුවිය හැකි බවත් මැතිවරණ නීතීයට පටහැනි පෝස්ටර් මගින් පරිසරයටද හානි සිදුවන බවත් උන්වහන්සේ දෙනම කීහ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කරමින් රටට නව ආදර්ශයක් ලබා දී තිබෙන බවත් මේ නිසා පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂකයන් හා ඡන්ද දායකයන් පක්ෂ බේද ඉස්මතු කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීමට උත්සහ නොකළ යුතු බව පැවසූහ. අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඤාණරතන නහිමියෝ අනුශාසනා කරමින් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිසා අපේක්ෂකයින් පමණක් නොව සාමාන්‍යය ජනතාවද විවිධ අසීරුතාවන්ට ලක්වන බවත් හිංසා,පීඩා වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීම සඳහා අපේක්ෂකයින් මෙහෙයවීම පක්ෂ නායකයන්ගේ වගකීම බවත් ප්‍රකාශ කළහ.
« PREV
NEXT »