BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 24, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂ් මුර්ති හරින් සමග හරි ගමනකට

පසුගියදා තිස්ස කුට්ටි ආරච්චි නැවතත් මහින්ද පිල සමග එකතුවීමත් සමග ඌවේ එජාප සාමාජිකයින් අතර යම් කසුකුසුවක් ඇති වූව. ඒ පොහොට්ටුව ඌවේ පිපේදෝ යයි චකිතයකිනි. නමුත් ලිංගික අල්ලස් සහ පොහොට්ටු ප්‍රභලයින්ගේ පිල්මාරු සමග යම් පසුබෑමකට මහින්දපිල ලක්වී ඇති බවට වාර්තාවේ. 


ඒ අතර ඌවේ ඇතිවූ අඩුව පිරවීමට ඇමති හරින් පිලිබද ඇති ජනතා විශ්වාසය අද සමත් වී තිබෙනව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂ් මූර්ති අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග අද (24) එකතුවීමත් සමගයි.


ඔහු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවයි අමාත්‍යවරයා අප සමග කර සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ ඌව  පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පසුගිය දා එම පක්ෂය හැර ගිය අතර ගනේෂ් මූර්ති මන්ත්‍රීවරයා එම පුරප්පාඩුව පුරවනු ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ සදහා අමත්‍ය පලනි දිගම්බරන් මහතාද එක්වූහ.
« PREV
NEXT »