Saturday, December 23, 2017
Home
Gossip Lanka News
මට සරමක් ඇඳන් වැදගත් විදිහට ආණ්ඩුවට එන්න දීපල්ලා - හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා
මට සරමක් ඇඳන් වැදගත් විදිහට ආණ්ඩුවට එන්න දීපල්ලා - හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා
-
Saturday, December 23, 2017
පසුගියදා ආණ්ඩුවට එකතුවුණු මන්ත්‍රීවරියක් නියෝජනය කළ පක්ෂයේ තවත් ප්‍රබලයෙකු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක් ඔහුගේ නිවසට ගොස් සාකච්චා කර තිබිණි. මෙය ආරංචි වූ පසුව අදාල ජාතිකවාදී පෙරමුණේ නායකයා තවත් බලා සිටිය නොහැකි තැන මෙම සාකච්චා සඳහා සහභාගී වුණු සම්බන්ධීකරණ කණ්ඩායමකට මෙසේ පවසා ඇති බව ආරංචිය.
"මටත් සරමක් ඇඳන් ආණ්ඩුවට එන්න දීපල්ලා. හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා, දැන් තව එකෙක්ගේ ගෙදර ගිහින්. මෙහෙම එක එකා උඹලා බාගත්තාම මං විතරක් තනියෙන් ආණ්ඩුවට එද්දි කිසි ගැම්මක් නැහැනේ. මං ඔක්කොමලා එක්ක එකවැර එන්නම්. මට සරමක් ඇඳන් වැදගත් විදියට ආණ්ඩුවට එන්න ඉඩ දීපල්ලා".
ඒ අනුව අදාල ජාතිකවාදී පෙරමුණේ නායකයා නුදුරේදී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එකතු වීමට නියමිතය.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන විය හැකි බවට ගොසිප්99 වෙත වාර්තා වේ.