BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 20, 2017

දකුණේ සුන්දර දෙද්දූව - සංචාරක කලාපයක් වන ලකුණු

දෙද්දූව සංචාරක කලාපය ඇති කිරීමෙන් රටට නවමු අත්දැකීමක් එක්වබ බවත් ඒ හරහා දෙද්දූව අවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බවත්  අමාත්‍යය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කළේ දේද්දූව සංචාරක කලාය ඉදිකිරීමට නියමිත භූමියේ මූලික ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත් ඇතුළු පිරිසක් එත්ව සිටියහ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේක අක්කර 1800ක ව්‍යාපෘතියක්. එයින් 60% ක ප්‍රමාණය ජලය , 40% ක ප්‍රමාණය ගොඩබිම වශයෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය දියත් කරන්නේ. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි අපි පරිසරය ආරක්ෂා කරගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකිරීම. ඒ වගේම තමයි සංචාරකයන්ට ඔවුන්ගේ නිවාඩුව ගත කරද්දී විවිධ ක්‍රියාකාරකම් සමඟ ඒකරාශි වෙමින් ඒ කාලය තුළ මේ සංචාරක කලාපය තුළ ගත කරන්නට හැකි වීම.

මේ අක්කර 1800 ක භූමි ප්‍රදේශය තුළ ජල ක්‍රීඩා කරන්න, වාණිජ්‍ය කටයුතු, රෙස්ටෝරන්ට්, හෝටල් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ඇති කරනවා.

ඒ විතරක් නෙවෙයි මේ කටයුතුවලට මේ ප්‍රදේශයේ ජනතාවටත් එකතු වෙන්න පුළුවන් වෙනවා.

මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජනතාවට අතිරේක ආදායම් මාර්ග විවෘත වෙනවා. ඔවුන් දැනට සිදු කරන කර්මාන්තත් සංචරක ව්‍යාපාරය සමඟ ඒකරාශී කරගෙන කටයුතු කරන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.

මේ අලුත් කර්මාන්ත , අලුත් රැකියා අවස්ථා පවා මේ නිසා ඇති වෙනවා. මේ සංචාරක කලාපය නිසා හැමෝටම ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් ඇති වෙනවා. මේ ව්‍යාපෘතියේ දී අපි පරිසර අධ්‍යයනයක් විතරක් නෙවෙයි ජලය සම්බන්ධ අධ්‍යයනයකුත් කරලා තමයි වැඩ කටයුතු ආරම්භ කරන්නේ.

ඒ නිසා තමයි ඉඩඩම් අත්පත්කර ගැනීමේ කටයුතු අවසන් කරලා වත් මාස කීපයක කාලයක් ඒ අධ්‍යයනයන් සඳහා වෙන් කරලා මාර්තු මාසයේ දී මේකට හොඳම හොඳම වටිනාකම ගෙනැල්ලා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ඇමතිවරයා කීය.


« PREV
NEXT »