BREAKING NEWS
latest

728x90

468x60

Monday, December 04, 2017

ගොතා 'බය' අමතකද? අසයි

ගොතා 'බය' අමතකද? කියා සඳහන් කරමින් අද (04) උදැසන කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබේ.

මෙම පෝස්ටරයේ කිසිවකුගේ ජායාරුපයක් හෝ වෙනත් දර්ශනයක් නොමැති නමුත් එය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගියදා කොළඹ නගරයේ ප්‍රදර්ශනය කල පෝස්ටරයට ප්‍රතිචාරයක් ලෙස සැලසු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් බව පෙනේ.

''අපි වෙනුවෙන් අපි" නමැති සංවිධානයක් විසින් "ගෝඨා අපේ'' යයි සඳහන් කරමින් එම පෝස්ටරය ප්‍රදර්ශනය කර තිබිණ.

''අපි වෙනුවෙන් අපි" අරමුදල කාගේද ? මෙම පොස්ටරයත් සමග විමසුමට ලක්විය

බය නැති අගමැති !

මේ අතර 'බය නැති අගමැති' යයි කියා සඳහන් පෝස්ටරයක් ද පසුගියදා කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර තිබිණ.

අගමැතිවරයා බැඳුම්කර කොමිසමට සහභාගිවූ දිනට පසුදින එම පෝස්ටරය නිර්මාණය කර ප්‍රදර්ශනය කර තිබුනේ එජාපයේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයයි.

එය 'බය' නමින් සිදුකරන පෝස්ටර් ව්‍යාපාරයක පළමුවැන්න බව පෙනේ.

කෙසේ වෙතත් එය අගමැතිවරයාට සිදුකල අපහාසයක් බවට බොහෝ දේශපාලන විචාරකයන් මත පලකර තිබුනි



« PREV
NEXT »