BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 11, 2018

ඩොලර් මිලියන 10 ක ඖෂධ නිෂ්පාදන කලාපයක් කලුතරට

මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා (08) කොළඹ දී සිදුවිය.

එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය. මැලේෂියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුල ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිතා කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මැලේෂියානු සමාගම වෙනුවෙන් ප්‍රැටික් ලීන් මහතාද, B.P.C. හෙල්ත් කෙයා ආයතනය වෙනුවෙන් වෛද්‍ය Jayg මහතාද ගිවිසුම් අත්සන් කල අතර රාජය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් ගිවිසුම් වලට අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග දෙස් විදෙස් සමාගම් 38 ක් ඒ සදහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. තව ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය දෙගුණයක් කිරීම සදහා නව කර්මාන්ත ශාලාවක් ද පිහිටුවනවා. ගිවිසුම් අත්සන් කළ සමාගම් විසින් වසර 15 ක කාලයක් ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට ලබාදීමට නියමිතයි. ඇතැම් සමාගම් ස්වාධීනව ඖෂධ නිෂ්පාදනය කරන අතර, එම ඖෂධ වසර 10 ක කාලයක් ලබාදීමට නියමිතයි. අතිරික්ත නිෂ්පාදනය දේශීය වෙළෙදපොලට හෝ අපනයනය කිරීමට සැළසුම් කර තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් මෙරට ඖෂධ මිල තවත් අඩු වෙනවා. ඖෂධ කර්මාන්ත ශාලා කළාප ඉදිකිරීමේ පළමුවැන්න කලුතර වැලිපැන්න ප්‍රදේශයේ දී ඉදිකිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඒ සදහා අවශ්‍ය ඉඩම් හදුනාගෙන තිබෙනවා. කුරුණෑගල, කටුනායක, හොරණ, මහනුවර, වැනි ප්‍රදේශවල ද කර්මාන්ත කළාප ඉදිරියේ දී ස්ථාපිත කරනවා. වෙනත් කිසිම ක්ෂේත්‍රයක නොමැති තරම් වු ආයෝජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබී තිබෙනවා. සායනික අපද්‍රව්‍ය ලෙස සෑම වසරකදීම රුධිර ප්ලාස්මා ගැලුම් 1000 ක් පමණ විනාශ කරනවා. එය එක් අතකින් පරිසර විනාශයක්. මෙම රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. ඒ සදහා ඉදිරිපත් වී ඇත්තේ ඇමරිකානු ආයෝජකයෙක්. මීට පෙර ඉන්දීය ආයෝජකයෙක් විසින් රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කළා.”

“අපේ රජය පිහිටුවා වසර 03 ක් ගතවන මොහොතේ එය සැමරීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් ආරම්භ කරන නව වැඩපිළිවෙල මෙයයි. ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කළාපයක් ස්ථාපිත කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව වසරේ පළමු වැඩපිළීවෙළයි.”

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
« PREV
NEXT »