BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 16, 2018

ලංකා සිතියම වසර 18කට පසු අලුත් වෙනවලු

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම වසර 18කට පසු අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

ඒ අනුව නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ. එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි සිතියම් 27හි කටයුතු ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය. 

ගතවුනු වසර 18ක කාලය තුළ ශ්‍රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන බවත් ඒ අතර නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද, ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි දක්නට ලැබෙන ගොඩවීමක්ද, හලාවත වෙරළ තීරයේ අඩුවිමක්ද සිදු වී ඇති බව නව සිතියම් වලින් විශේෂයෙන් පෙනී යන බව ද මිණුම්පති උදයකාන්ත මහතා කීය.

නව ශ්‍රී ලංකා සිතියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු නව සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද ඇතුලත් කරන බවත් මිණුම්පති වරයා තවදුරටත් කීය.
« PREV
NEXT »