Friday, January 26, 2018
Home
Gossip Lanka News
ඌව පළාත් සළාව ඇවිලෙයි - සෙන්දිල්ගේ ආධාරකරුවන් පහරදී එජාප මන්ත්‍රී 2 ක් රෝහලේ
ඌව පළාත් සළාව ඇවිලෙයි - සෙන්දිල්ගේ ආධාරකරුවන් පහරදී එජාප මන්ත්‍රී 2 ක් රෝහලේ
-
Friday, January 26, 2018
ඌව පළාත් සභා කාර්යාල පිවිසුම් දොරටුව අබියසදී ඊයේ (25 වැනිදා) උදේ 10.00 ට පමණ ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බව පවසමින් එම පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් වන උපාලි සේනාරත්න හා ආර්. ගනේෂමුර්ති යන මහත්වරු බදුල්ල මහ රෝහලේ 08 වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
ඊයේ ඌව පළාත් සභා සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබූ අතර දෙමළ මාධ්‍ය අධ්‍යාපන ඇමැති ධුරය ලද අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
මෙම අවස්‌ථාවේ පළාත් සභා සැසිවාරයට සහභාගි වීමට ජීප් රථයකින් පැමිණි ආර්. ගනේෂමුර්ති මහතා වට කර ගත් පළාත් සභා පරිශ්‍රය තුළ සිටි පිරිසක් සල්ලි හොරු යෑයි පවසමින් ඔහුට පහරදීමට තැත් කළ අතර මන්ත්‍රීවරයා ආපසු යන්නට ගියේය.
පෙරවරු 11.00 ට පමණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ යළි සභාවට පැමිණි ආර්. ගනේෂමුර්ති මහතා පළාත් සභා සැසිවාරයට සහභාගි වූ අතර විනාඩි 20 කින් පමණ පසු පළාත් සභා සැසිවාරයෙන් ඉවත්ව පැමිණි හෙතෙම බදුල්ල මහ රෝහලට ප්‍රතිකාර පිණිස ඇතුළත් විය.
මේ අතර එ. ජා. ප. පාක්‌ෂිකයන් පිරිසක් තමන්ට අදාළ සිද්ධියේදී පහරදුන් බව පවසා එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාක්‌ෂිකයෝ 4 දෙනෙක්‌ද බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
