BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 30, 2018

අම්මා අප්පා විකුනලා හරි කුමන්ත්‍රණ වලට වර්ජන කරන සංගමේ දොස්තර වැඩ වර්ජනයට පොහොට්ටුවෙන් ලක්ෂ 72 ක් දීලලු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (30) පෙරවරුවේ පැවැත්විනි. 



මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, අග්‍රාමාත්‍ය උපදේශක දීනේෂ් වීරක්කොඩි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය සහ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

ගොසිප්99 අපවෙත වාර්තාවන පරිදි පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදී ලබා දී ඇත. ඊට අමතරව වෛද්‍යවරුන් කැඳවාගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබූ අතර බස් රථ සඳහා මුදල් ලබාදී ඇත්තේද බැසිල් රාජපක්ෂ විසිනි. මේ සියළු තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජේෂ්ට නිලධාරියෙකුගේ ලැබී ඇති බව සදහන්.



එම පුද්ගලයා ඒකාබද්ධ විපක්ෂය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකල සියලු සාකච්ඡාවන්ට සහභාගී වී ඇත. ඔහු විසින් ලබාදුන් තොරතුරු ප්‍රකාරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අදාළ නීතිමය පියවර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

දොස්තර නිලවරණයේදී දොස්තරවරු කලිසන් කමිස ඉරාගෙන ගුටිබැට හුවමාරුවකුත් කරගත්තේ මෙම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් අනුව බවයි වාර්තා වන්නේ.


GMOA වැඩ වර්ජන රැල්ල නැවතත්!! ඉල්ලීම් මොනවාද?

« PREV
NEXT »