BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 19, 2018

රාජපක්ෂ මිනීමරු යුගයේදී දේශපාලන ඝාතන මෙන්ම පවුලේ එදිරිවාදිකම් මත ඝාතන විශාල රාශියක් සිදුවෙලා - ජනපති


ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද දූෂිතයන්ට එරෙහිව සිය දෙවැනි මෙහෙයුම ආරම්භ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (17) ඇල්පිටියේදී ප්‍රකාශ කළේ 2015 ජනවාරි 8 වන දින එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සිය ජීවිතය පවා පරිත්‍යාග කිරීමට නොමසුරුව ඔහු හා රාජපක්ෂ රෙජීමයේ මෘග පාලනය අවසන් කිරීම වෙනුවෙන් පාරට බැස අපේ රටේ මිනිසුන්ගේ ඇඟට අලුත් පණක් දෙමිනි.

රාජපක්ෂ කාලයේදී සිදුකරන ලද ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සාර්ථක ලෙස සිදුකරගෙන යෑමත් එම පරීක්ෂණ වලට දේශපාලන බලාධිකාරියෙන් එල්ලවන බාධාවන්ට සිය අප්‍රසාදය පළ කර ජනාධිපතිවරයා සපථ කර සිටියේ සාධාරණ සමාජයක් වෙනුවෙන් සිය නොනවතින මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

රාජපක්ෂ මිනීමරු යුගය.

රාජපක්ෂ මිනීමරු යුගයේදී දේශපාලන ඝාතන මෙන්ම පවුලේ එදිරිවාදිකම් මත ඝාතන විශාල රාශියක් රෙජීමයේ ඉහලම පිරිස් වල අනුදැනුම මත සිදුව ඇති බවත් මේ වන විට පරීක්ෂණ සිදුකර යද්දී බොහෝ තොරතුරු ලැබෙමින් පවතින බවත් ඒ අනුව සාක්කි විනාශ කිරීම සඳහා අදාල සාක්කි කරුවන් ඝාතනය කරමින් සිටින්නේ යයි සැක කෙරෙන බවත් විවිධ පෙදෙස් වලින් හමුවන සමහර මළ සිරුරු අදාල සාක්කි කරුවන්ගේ විය හැකි බවත් ය. මේ අනුව ඉදිරියේදී සැක කරුවන්ගේ ජීවිත ආරක්ෂාව සඳහාම ඔවුන් රැඳවුම් නියෝග මත ආරක්ෂක අංශ බාරයේ රඳවා ගැනීමට තීරණය කර ඇති බවත් ආරක්ෂ අංශ ප්‍රධානියා පවසා සිටියේය.

2015 වසරේ මාර්තු 18 අම්පාරෙන් ද, අප්‍රේල් 19 දා බම්බලපිටියෙන් ද, මැයි 12 මාරවිල වෙරලින්ද, ජුනි 09 දා මිරිගමෙන් ද, ජුනි 20 කඩුවෙල පාලම අසලින්ද, ජුනි 24 දා වාද්දුවෙන්ද, ජුනි 29 දා මොරටුවෙන්ද, ජුලි 27 දා දියවන්නාවෙන්ද, අගෝස්තු 26 වෙනිදා යලිත් මාරවිලෙන් හිස නැති මළ සිරුරක් ලෙසද, සැප් 18 දා රාමනායක මාවතෙන් ද ,ඔක්තෝම්බර් 10 දා කටුගස්තොටදී රගර් පුහුණුකරුවෙක්ද, ඔක්තෝම්බර් 12 දා මාලබේ තලාහේනෙන්ද අභිරහස් ලෙස ඝාතනය කරන ලද නාඳුනන මළ සිරුරු හමුවී තිබේ.

මේ අතර පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වගකිව යුතු ඝාතන රැසක් සම්බන්ධයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් හෙලි කර ඇත. පිල්ලෙයාන්ගේ සාක්කි මත ඔහුගේ පක්ෂයේ ලේකම් පූබාලසිංහම් ප්‍රශාන්තන් නමැති හිටපු මන්ත්‍රීවරයාද කාත්තන්කුඩි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමකට ලක් කලේ 2008 දෙසැම්බර් 13 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ – අලෙයිඅඩි ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළ බවට හිටපු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.

ගෝඨා මිනීමරු සුදු වෑන් කල්ලි මෙහෙයැවූ හැටි - එක් පැහැරගැනීමකට කණ්ඩායම් තුනක් බැහැලා..!

සුගිය රාජපක්ෂ රෙජීමයේ භීෂණ යුගයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් දකුණේ මෙහෙයවන ලද සුදු වෑන් පැහැර ගැනීම් සඳහා කණ්ඩායම් 3 ක් එකට ක්‍රියා කර ඇතැයි පරීක්ෂණ වලින් හෙලිවී තිබේ.

මෙම කණ්ඩායම් තුනෙන් පළමු කණ්ඩායම පැහැර ගන්නා පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කළ සහ ඔත්තු බලා පැහැර ගැනීමේ අවස්ථාව සූදානම් කරන කණ්ඩායම ය. බොහෝ විට ඒ සඳහා ගෝඨාභයට හිතැති ආරක්ෂක අංශ ඔත්තු කරුවන් කල්ලියක් සහ එල්ටීටීඊයෙන් පළා ආ කල්ලි යොදා ගෙන තිබේ.

දෙවන කණ්ඩායම පැහැර ගැනීම සිදුකරන කණ්ඩායමයි. සුදු වෑන් රථ වලින් එන එම කණ්ඩායමට බොහෝ අවස්ථා වලදී යොදා ගෙන ඇත්තේ දෙපිරිසකි. ඉන් එක් පිරිසක් වී ඇත්තේ කරුණා අම්මාන්ගේ මිනීමරුවන්ය. අනෙක් පිරිස වරින් වර වෙනස් වී තිබේ. එස්ටීඑෆ් හි ගෝඨාභයට හිතැති කණ්ඩායමක් සහ ආරක්ෂක හමුදාවලින් තෝරාගත් කණ්ඩායමක් ඒ සඳහා යොදා ගෙන ඇත. උදාහරණයක් ලෙස කොළඹ කොටුවේදී රතු කුරුස සාමාජිකයන් පැහැර ගැනීම සිදුකර ඇත්තේ කරුණා අම්මාන්ගේ මිනීමරු කණ්ඩායමක් වන අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සිදුකෙළේ ගෝඨාභයට හිතැති හමුදාවේ කණ්ඩායමකි.

තුන් වන කණ්ඩායම අපූරු කණ්ඩායමකි. ඔවුන් පැහැර ගැනීමෙන් පසුව පැහැර ගත්තවුන් විසින් ඉතිරි කර යන සාක්කි විනාශ කිරීමේ කණ්ඩායමයි. ඔවුන්ද ගෝඨාභයගේ ඔත්තු කරුවන් වන අතර ඔවුන් එම අවස්ථාවේ එතැනට පිවිසෙන අවට සිටි පුද්ගලයන් සේ රඟපා තිබේ. පැහැර ගැනීම නිරීක්ෂණය කරමින් සිටින මොවුන් පැහැර ගත්තවුන් අහම්බෙන් හෝ යමක් ඉතිරි කර ගියහොත් එය පොලිසියට ලබා දෙනවා සේ තමන් වෙතට ගන්නා සිවිල් ජනතාව සේ හෝ පොලිස් නිලධාරීන් ලෙස හෝ රඟපා එම සාක්කි රැගෙන විනාශ කරන කණ්ඩායමකි. මේ නිසා බොහෝ පැහැර ගැනීම් සම්බන්ධයෙන් කිසිදු සාක්කියක් ඉතිරි වී නැත.

කෙසේ වෙතත් පැහැර ගත් පුද්ගලයා ඝාතනය කිරීම සහ සිරුර විනාශ කිරීම කර ඇත්තේ දෙවන කණ්ඩායම හෙවත් පැහැර ගැනීම සිදුකරන කණ්ඩායම විසිනි. එස්ටීඑෆ් හි පිරිස් යොදවා සිදුකරන ලද පැහැර ගැනීම් සහ ඝාතන වලින් පසු සිරුරු විනාශ කර ඇත්තේ කොළඹට ඉතාමත් දුර බැහැර ප්‍රදේශ වල කැලෑවන් වලදී ගිනි තබා බව හෙලි වී තිබේ. සිරුරු වල හිස බඩ පලා මුහුදේ ගිල්වා සිරුරු විනාශ කර ඇත්තේ කරුණා අම්මාන්ගේ කණ්ඩායම් විසින් පැහැර ගත් පුද්ගලයන් බවද හෙලි වී තිබේ.

පැහැරගැනීමකින් පසු ඒ ගැන මාධ්‍ය වලින් විමසන විට ඊට පිලිතුරු දෙන ආකාරය පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ට වෙනම උගැන්වීමටද ගෝඨාභය කණ්ඩායමක් යොදවා ඇත. ඔවුන් යුද හමුදාවේ ඉහල නිලතල දැරූවෝ වෙති.

දකුණේදී සුදු වෑන් වලින් පැහැරගෙන කළ ඝාතන ගැන බොහෝ තොරතුරු හෙලි වී ඇති අතර ලඟදීම ඝාතන මෙහෙයැවූ ගෝඨාභයගේ දකුණු අතක්වන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් වාර්තා වෙන්වා.

ජනතාවට වෙඩිතැබූ රාජපක්ෂලා. 

පිරිසිදු පානීය ජලය අයිතිය සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩිතැබීමට ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත හමුදා අනුඛණ්ඩයකට අණ දුන් බවට චෝදනා එල්ල වී තිබෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන පසුගිය වසරේ කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බව වාර්තා වීමෙන් ඔහුගේ පැමිණීමට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

එම වෙඩි තැබීමෙන් පසුව ඒ පිළිබඳ චෝදනා එල්ල වූ බ්‍රිගේඩියර්වරයාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තුර්කියේ තානාපති ධූරය පිරිනැමීය. වසර තුනකට පසුව ඔහු නැවත මෙරටට පැමිණීමේදී මෙම විරෝධය සංවිධානය කර තිබිණි.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට එම සිදුවීමේදී හමුදා ප්‍රහාරයන්ගෙන් ආබාධිත භාවයට ලක්වූ ප්‍රදේශවාසීන් ගුවන් තොටුපළට පැමිණ විරෝධතා දක්වා තිබේ. ඊට අමතරව රතුපස්වල ජල උද්ඝෝෂණයට නායකත්වය දුන් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝද පැය හතරක පමණ කාලයක් සත්‍යග්‍රහයක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසත් රතුපස්වල ජනතාවට සිදුකළ මිලේඡ්ච ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් බලධාරීන්ගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ පෛලිබඳව සොයා බලා නීතිය අකුරටම ඉටු කරන ලෙස නියෝග දීමෙන් පසු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් වූහ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් පැවැත්වූ උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් රොෂේන් චානක මිය ගිය අතර එම වෙඩි තැබීම පිළිබඳව එවකට පොලිස්පතිව සිටි මහින්ද බාලසූරිය වගකීම භාරගෙන තනතුරින් ඉල්ලා අස් විය. ඉන් පසු ඔහුද තානාපතිවරයකු වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කර යැවීය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පිහිටුවා පොලිස් දෙපාර්තමේන්තුව එයට අනුයුක්ත කළ අතර එම අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මහින්ද බාලසූරිය පත් කිරීමට තානාපති ධූරයෙන් ඉවත් කර ගැණින. ඉන් පසු පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවනු ලැබීය.

මෛත්‍රීගේ දෙවැනි ආගමනය.

"මේ ආණ්ඩුවෙත්, ගිය ආණ්ඩුවෙත් ජනතා මුදල් හොරකම් කරපු දූෂිතයන්ට දඩුවම් දී ඒ මුදල් යලි ජනතා ගත කිරීම අනිවාර්‍යයි..! මේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17) ඇල්පිටියේදී ප්‍රකාශ කල රාජපක්ෂ කාලයේදී සිදුකරන ලද ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සාර්ථක ලෙස සිදුකරගෙන යෑමත් එම පරීක්ෂණ වලට දේශපාලන බලාධිකාරියෙන් එල්ලවන බාධාවන්ට සිය අප්‍රසාදය පළ කර ජනාධිපතිවරයා සපථ කර සිටියේ සාධාරණ සමාජයක් වෙනුවෙන් සිය නොනවතින මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.


ඉතින් දැන් ජනතාවට අලුතින් සිතන්නට අවශ්‍ය නැත. සියලුම දෙනා එක්විය යුත්තේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ සෙවණ යටටය. එයට හේතුව වන්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සිය පාලන කාලය තුලදී දූෂිතයන්ට වැට බැඳීමටත්, නොබියව ඒ සඳහා පෙනී සිටීමත් හැකි ජනාධිපතිවරයෙක් අපේ රටේ සිටීමය..






« PREV
NEXT »