Thursday, January 18, 2018
Home
Gossip Lanka News
මුලතිව් ඡන්ද අපේක්‌ෂකයෙක් තමන්ගේ කුඹුරට බලෙන් ඇළක් කපලා
මුලතිව් ඡන්ද අපේක්‌ෂකයෙක් තමන්ගේ කුඹුරට බලෙන් ඇළක් කපලා
-
Thursday, January 18, 2018
දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර මුලතිව් පළාත් පාලන ආයතනයකට තරග වදින අපේක්‌ෂකයකු මුලතිව් කුංජිකුලම ප්‍රදේශයේ අනුන්ට අයත් කුඹුරු ඉඩම් හරහා විශාල ඇළක් තමන්ගේ කුඹුරුවලට කපමින් සිටින බවට වැසියන් පිරිසක් පොලිසියට පැමිණිලි කොට තිබේ.
කුඹුරු හිමියන් මොහු හමුවී එම ක්‍රියාව නතර කරන මෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේදී මැතිවරණ අපේක්‌ෂකයා ඔවුන්ට බැණ වැදී තර්ජනය කළ බවත් තවත් ඒa ගැන සාධාරණය කතා කළ අවස්‌ථාවේදී ඔහු කුඹුරු හිමියන්ට පහරදීමට සූදානම් වූ බවත් ගම්වැසියෝ පවසති.
මැතිවරණ අපේක්‌ෂකයා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් අනුන්ගේ කුඹුරු හරහා තම කුඹුරු යායට ජලය ලබා ගැනීම පිණිස විශාල ඇළක් සකසමින් සිටින්නේ වැවේ සිට කුඹුරුවලට ජලය සැපයෙන ඇළ මාර්ග පද්ධතියක් වෙනම තිබියදී බවද ගම්වාසීහු කියා සිටිති.
දිනසේන රතුගමගේ
