BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 13, 2018

මහින්දගේ බලකොටුව මෛත්‍රී බිඳදමයි


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයේ පැවතී ජනහමුවකට සහභාගී වුනා. ඒ මෙවර පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාව ආරම්භ කරමින්.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කල මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියාසිටියේ රාජපක්ෂ වරුන් නිදහස් පක්ෂයට සිදුකල හානිය නැවත හරවන්නට හම්බන්තොට ජනතාව යලි එක් ව ඇති බවයි.


රැස්වීම අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ දුෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරමින් මාතෘ භුමිය ලෝකයේ ඉහලම තැනකට ගෙන යාමට අවශ්‍ය පියවර නොභියව ගන්නා බවත් කියා සිටියේය.

එම ජන රැලියේ ජනකාය දුටු බොහෝ දෙනා කියා සිට ඇත්තේ මහින්දගේ බලකොටුව වූ හම්බන්තොට බලකොටුවේ ජන හදවත් වත්මන් ජනපතිවරයා මෛත්‍රියෙන් ජයග්‍රහණය කල බවයි…

රැලියේ සම්පුර්ණ වීඩියෝව පහතින්…
« PREV
NEXT »